top of page
Search
  • Writer's pictureDulani Anupama

ලංකා ඉතිහාසය 12 ශ්‍රේණිය

Updated: Apr 20, 2020



පොලොන්නරුව චෝල පාලන මධ්‍යස්ථානයක් බවට පත් වීම.

අනුරාධපුර යුගයේ අවසාන කාලයේ දකුණු ඉන්දියාවේ චෝල බලය වර්ධනය වීය.පළමුවන රාජ රාජ හා පළමුවන රාජේන්ද්‍ර යන රජවරුන් යටතේ චෝල අධිරාජ්‍ය ඉන්දුනීසියාව දක්වා ව්‍යාප්ත විය.අනුරාධපුරෙයේ අවසාන පාලකයා වූ පස්වන මිහිදු රජුගේ දුර්වල පාලනය නිසා ඇතුවූ අභ්‍යන්තර ආරවුල්වලින් ප්‍රයෝජනය ගත් පළමුවන රාජ රාජ චෝල රජු ක්‍රි.ව.993 දී අනුරාධපුරය ආක්‍රමණය කොට නගරයේ හා රාජ මාලිගයේ වූ සියලුම වස්තුව කොල්ලකා නගරය ගිනිබත් කල බව මූලාශ්‍ර වල සදගන් වේ.ඉන්පසු සොලී සෙන්පතියෙක් ලංකාවේ පාලකයා ලෙස පත් කලේය.මෙම චෝල ප්‍රතිරාජයා තම පාලන මධ්‍යසිථානය ලෙස තෝරා ගත්තේ පොලොන්නරුවය.ඒ අනුව ක්‍රි.ව.993 දි පොලොන්නරුව ස්ථීරවම පාලන මධ්‍යස්ථානයක් බවට පත් වූ බව පෙනේ.ක්‍රි.ව.1017 දී ලංකාව ආක්‍රමණය කළ රාජේන්ද්‍ර චෝල රජුගේ හමුදාව පස්වෙනි මිහිදු රජු අල්ලා ගෙන යෑමත් සමග ලංකාවේ චෝල පාලනය ස්ථාවර විය.


චෝලයන් පාලන මධ්‍යස්ථානය ලෙස පොලොන්නරුව තෝරා ගැනීමට හේතු

01. අනුරාධපුර නගරය චෝලයන් ගිනි බත් කොට විනාශ කිරීම නිසා එය පාලන මධ්‍යස්ථානයක් ලෙස භාවිතයට ගත නොහැකි වීම හා විටින් විට එල්ල වූ දකුනු ඉන්දීය ආක්‍රමණ නිසා අනුරාධපුර රාජධානිය විනාශයට පත් වී ආර්ථික පරිහානියට ලක් වී තිබීම.

02. රුහුණු දේශයෙන් එල්ල විය හැකි ආක්‍රමණයකට සාර්ථකව මුහුණ දිය හැකි ස්ථානයක පොලොන්නරුව පිහිටා තිබීම.(රුහුණු හා රජරට වෙන් කල දේශ සීමාව වූ මහවැලි ගග ආරක්ෂක පවුරක් ලෙස පොලොන්නරුව රැකවරණය සැලසීම.)

03. පොලොන්නරු ප්‍රදේශය ඒ වන විට ආර්ථික අතින් සංවර්ධනය වී පැවතීම.(ඇළහැර ඇල , තෝපා වැව , කවුඩුළු වැව ,මින්නේරි වැව හා ගිරිතලේ වැව යන වාරි කර්මාන්ත මෙම ප්‍රදේශයේ ආර්ථික සංවරිධනයට හේතු විය.)

04.පොලොන්නරුව ගෝකන්න වරායට කිට්ටුව පිහිටා තිබීම නිසා අග්නිදිග ආසියාවේ වූ ශෛලේන්ද්‍ර අධිරාජ්‍ය සමග වෙලද සම්බන්දතා පැවත්වීම පහසු වීම.

05. අලුතින්ම පිහිටුවා ගත් පාලන මධ්‍යසිථානයක සිට ලංකාවේ පාලන කටයුතු කරගෙන යෑමට චෝලයන්ට අවශ්‍ය වීම.


චෝල පාලනය

රජරට පාලනය චෝල අධිරාජ්‍ය‍යේ ග්‍රහණයට නැගීමෙන් පසු ඔවුන්ගේ පාලනයට යටත් වූ ප්‍රදේශ "මුම්මුඩි ශෝලි මණ්ඩලම්"යනුවෙන් ද පොලොන්නරු නගරය " ජනනාථ මණ්ඩලම්" හා "ජනනාථ පුරම් " යන නම් වලින් ද හදුන්වා ඇත. "ලංකා විලෝප " නමින් මහාවංසයේ දෙවන කොටසේ එන 55 වන පරිච්චේදයේ 20,21,22 යන ගාථාවල චෝලයන් ලංකාව පාලනය කල ආකාරය දැක්වේ. "....ඔවුහු තුන් නිකායේ දාගැබ් ද , මාහැගි ස්වර්ණාදී පිලිබිබු ( බුදු පිලිම ) බිද හෙලමින් ඕජස් උරණ යකුන් සේ ලක්දිව්හි සාරය ගත්හ.ඒ සොලීහු පොලොන්නරුව ඇසුරු කලෝ "රක්ඛපාසාන කණ්ඨ"නම් තැන හිමි කොට රජරට අනුභව කලහ. ඉහත දැක්වු කෙටි විස්තරයෙන් ක්‍රි.ව. 1017-1070 දක්වා වූ වසර 53 ක චෝල පාලනය පිලිබද අවබෝධයක් ලබා ගත හැකිය.මෙම විස්තර අනුව චෝල පාලන ප්‍රදේශය දකුණු දිගින් රක්වාන දක්වා පමණක් පැතිරී තිබුනු බව පෙනේ. පොලොන්නරුවේ සිටි චෝල ප්‍රතිරාජයා අනුරාධපුරයේ රජ පෙලපතට අයත් කුමාරවරුන් ඝාතනය කිරීමට වරින් වර රුහුන ආක්‍රමණය කල බව චෝල සෙල්ලිපි වලින් හා දේශීය සාහිත්‍ය මූලාශ්‍රවලින් හෙලි වේ.පස්වන මිහිදු රජු චෝල දේශයේ සිරකරුවෙකු ලෙස සිටින අතර 1029 දී මිය ගියේය.ඔහුගේ පුතා වූ කාශ්‍යප කුමරු චෝලයන්ගෙන් ආරක්ශා කරගෙන සිටි රුහුණු වැසියන් ක්‍රි.ව. 1029 දී ඔහු වික්‍රමබාහු යන නමින් රුහුනේ රජ කරවුහ.රජරට ජය ගන්නා තුරු අභිශේක වීම ප්‍රතික්ශේප කල වික්‍රමබාහු චෝලයන්ට එරෙහිව සටන් කිරීම සදහා සේනා සංවිධානය කරමින් සිටින අතර චෝල ප්‍රහාරයකින් මිය ගිය බව චෝල දේශයේ මනිමංගලම්හි ඇති සෙල්ලිපියක සදහන් වේ.වංසකතාවේ සදහන් වන්නේ ඔහු වාත රෝගයකින් මිය ගිය බවයි.ඉහත කී මණිමංගලම් සෙල්ලිපියේ වික්‍රමබාහු,වික්‍රමපාණ්ඩ්‍ය ,ශ්‍රී වල්ලභ මදන රාජ හා වීර සලාමේඝ යන රෝහණයේ රජවරුන් සිවුදෙනා චෝලයන් අතින් මැරුම් කෑ බව සදහන් වේ.රජරට චෝල පාලනය පවතිද්දී රුහුණේ රජකල පාලකයන් 6 දෙනෙකුගේ නම් වංසකතාවේ සදහන් වේ.වික්‍රමබාහු, කීර්ති,මහාලෑන කිත්ති,වික්‍රම පාණ්ඩ්‍ය , ජගතිපාල හා පරාක්‍රම පාණ්ඩ්‍ය යන මොවුන් අතරින් වික්‍රමබාහු,මහාලෑන කිත්ති,ජගතිපාල හා පරාක්‍රම පාණ්ඩ්‍ය යන අය සොලීන් අතින් මැරැම් කා ඇති බව පෙනේ.වෙනත් දකුණු ඉන්දීය සෙල්ලිපියක රුහුණේ මානාභරන නම් පාලකයෙකුද සොලීන් විසින් මරණයට පත් කල බව දැක්වේ.චෝලයන් රෝහණය සම්බන්ධයෙන් අනුගමනය කල දේශපාලන ප්‍රතිපත්තිය වූයේ ,රුහුණු දේශයෙන් මතුවූ චෝල විරෝදි විමුක්ති සටන අතිශය භීෂණකාරි ලෙස මර්දනය කොට එම සටන් වලට නායකත්වය දුන් අයව ඝාතනය කර දැමීමයි.

සොලීන් රජරට පාලනය කරද්දී චෝල දේශයේ පිහිටුවා තිබුනු නාඩු වලනාඩු ආදී පාලන ස්ංස්ථා මෙහි ඇති කල බවක් නොපෙනේ.ඔවුන් එතෙක් රජරට පැවති දේශීය පාලන ක්‍රමය අනුගමනය කල බවට සාධක චෝල සෙල්ලිපි වලින් ලැබේ.තංජෝරයේ රාජ රාජේශ්වර කෝවිලේ පහන් දැල්වීම සදහා ලංකාවෙ ගම් 5 කින් ලැබුනු ආදායම වෙන් කල බව දකුනු ඉන්දියානු සෙල්ලිපියක සදහන් වී ඇත.එම සෙල්ලිපියේ ගම් යන වචනය සදහන් වීමෙන් චෝලයන් යටතේද පැරණි පාලන ඒකකයන් ක්‍රියාත්මක වූ බව සිතිය හැකිවේ.වංසකතාවේ සදහන් වන තොරතුරු අනුව චෝලයන් විසින් සිංහල රජවරුන් රට වැසියන් ගෙන් අය කල බදු ප්‍රමාණය සාම්ප්‍රදායික සීමාවන් ඉක්මවා යන පරිදි වැඩි කල බවද පෙනේ. චෝලනය් රජරට ප්‍රදේශයේ බොද්ධ විරෝදි ප්‍රතිපත්තියක් අනුගමනය කල බව වංසකතාවේ සදහන් වේ.එහෙත් චෝල පාලනය යටතේ බොද්ධයන් හින්දු ආගමට හරවා ගැනීමක් හෝ සිංහලයන්ට තම ආගම ඇදහීමට තහංචි පැනවීමක් හෝ සිදු වී ඇති බව නොපෙනේ.චෝලයන් දකුනු ඉන්දියාවේ නාගපට්ටනම්වල බොද්ධ විහාරයක් පවත්වා ගෙන ගොස් තිබේ.ලංකාවේ චෝල පලකයා ත්‍රිකුනාමලය අසල පිහිටා තිබුණු වෙල්ගම් වෙහෙර ප්‍රතිසංස්කරණය කොට එයට රාජ රාජ පෙරුම් පල්ලි යන නම තබා ඇත.මෙම කරුණු වලින් පැහැදිලි වන්නේ චෝල පාලනය යටතේ සිංහලයන්ට ආගමික නිදහස තිබුනු අතර ,වංසකතාවේ සදහන් වන ආකාරයට දරුණු බොද්ධ විරෝධී ප්‍රතිපත්තියක් ඔවුන් දිගින් දිගටම ක්‍රියාත්මක කර නොමැති බවයි. චෝල අධිරාජ්‍යට අයත්ව පැවති මලයාව , සුමාත්‍රාව, අන්දමන් දූපත් ආදී චෝල මණ්ඩලවලට සාමන්ත පාලකයන් හෙවත් ප්‍රතිරාජයන් පත් කර තිබුණාක් මෙන්ම ලංකාවේ පාලනය සදහාද ප්‍රතිරාජයෙක් පත් කර තිබුනු බව පෙනේ.මෙම ප්‍රතිරාජයා යටතේ ප්‍රබල චෝල හමුදාවක් ද සිටි බව නිගමනය කල හැකිය . ඒ වන විටත් ලංකාවේ සිටි අගම්පඩි හමුදා හා එම හමුදාවල ප්‍රධානීන්ගේ පූර්ණ සහය ලැබීම හා රජරට හා රෝහණ දේශය පිලිබදව අගම්පඩි හමුදා සෙබළුන් හා හමුදා නායකයන් තුල වූ අවබෝධයද ලංකාවේ චෝල බලය පිහිටු වීමට හා දිගු කාලයක් තිස්සේ බලය පවත්වා ගැනීමට උපකාරී වූ බව කිව හැකිය.වංශකතාවේ සදහන් වන ආකාරයට දේශයේ සාරය උරා බීමට මිස රටේ සංවර්ධනයට චෝල පාලකයින් උනන්දු වූ බවක් නොපෙනේ.


පොලොන්නරු රාජධානියේ දේශපාලන විකාශය

පළමුවන විජයබාහු රජතුමා

වසර 53 ක් තිස්සේ රජරට ජනතාව පෙළූ චෝල පාලනය මුලින් උපුටා දමා නැවතත් ලංකාව එක්සේසත් කලේ රුහුනේ උපන් කීර්ති කුමාරයා හෙවත් පළවෙනි විජයබාහු රජතුමාය.වංසකතාවේ සදහන් වන අන්දමට ඔහුගේ පියා අනුරාධපුරයේ මානවම්ම රජ පෙලපතට අයත් මොග්ගල්ලාන නැමති කුමාරයෙකි.මව දාඨෝපතිස්ස රජ පෙලපතට අයත් ලෝකිතා කුමරියයි.කීර්ති කුමරුගේ ලමා කාලය බොහෝ සෙයින් කටුක විය.චෝලයන් සිංහල රජකුමරුවන් සොය සොයා ඝාතනය කිරීම සදහා වරින් වර රුහුන ආක්‍රමණය කල බැවින් කීර්ති කුමරුටත් ,ඔහුගේ මව්පියන්ටත් අප්‍රසිද්ධියේ ජීවත් වීමට සිදු විය.බුද්ධරාජ හෙවත් බුදල්නා නැමති ප්‍රාදේශධිපතියකු කීර්ති කුමාරයාට හා පවුලේ අයට ආරක්ෂාව සලසා දුන් බව විජයබාහු රජුගේ පනාකඩුව තඹ සන්නසේ මෙසේ සදහන් කර ඇත. "රුහුණේ දණ්ඩනායක වූ බුදල්සාමි තෙමේ මොග්ගල්ලාන කුමරුද ඔහුගේ පවුල ද සොලීන්ගෙන් හා සෙසු සතුරන්ගෙන් ආරක්ශා කරමින් වනමුල් හා පලාපල කඩමින් රක්ෂා කලේය." තරුන වියට පත් කීර්ති කුමරුට රුහුනේ බලය ලබා ගැනීම සදහා බුදල්නාවන්ගෙන් නොමද සහය ලැබුනු අතර ඔහුගේ උපකාරයෙන් සේනා සංවිධානය කර ගත් කීර්ති කුමරු කතරගම පාලකයා වූ ලෝකෙශ්වර නැමති සෙන්පතියා පරාජය කොට ක්‍රි.ව.1055 දී පලමුවන විජයබාහු නමින් අභිශේක ලැබීය.කතරගම පාලන මධ්‍යස්ථානය බවට පත් කර ගත් විජයබාහු රජතුමා රජරට චෝල පාලනයෙන් මුදවා ගැනීම සදහා සේනා සංවිධානය කරමින් සිටින අතර ,චෝලයන් කතරගම ආක්‍රමනය කල බව වංසකතාවේ දැක්වේ.එම ආක්‍රමණයට මුහුණ දීමට තරම් හමුදා ශක්තියක් තමාට නොමැති බව වටහා ගත් විජයබාහු රජු සතුරාට මුහුණ නොදී තඔලගමුවට පලා ගියේය.සොලීහු කතරගම නගරය හා රජ මාලිගාව කොල්ලකාගෙන ආපසු ගියහ.වස්තු භංගත්වයට පත් විජයබාහු රජුබුරුමයේ රජුට මේ බව දන්වා යවන ලද සංදේශයකට පිළිතුරු ලෙස බුරුම රජු විසින් සදුන් , කපුරු ආදිය පුරවන ලද නැව් කිපයක් රජු වෙත එවා ඇත.ඒ මගින් විජයබාහු රජුට තම ආර්ථික ශක්තිය නැවත ගොඩනගා ගැනීමට හැකි වූ බව පෙනේ. ක්‍රි.ව.1065 දී රජරට වැසියන් චෝලයින්ට අයබදු ගෙවීම ප්‍රතික්ශේප කරමින් කැරලි ගැසූ බවත් ,එය මැඩලීම සදහා චෝල දේශයෙන් හමුදා බලඇනියක් ලංකාවට පැමිනි බවත් සදහන් වේ.එම හමුදාව රජරට කැරැල්ල මර්ධනය කර විජයබාහු රජු අල්ලා ගැනීම සදහා කතරගමට ආක්‍රමණයක් මෙහෙය වූ අතර ,එම අවස්ථාවේදී විජයභාහු රජුගේ සෙන්පතියන් දෙදෙනෙකු වූ රවිදේව හා චල චෝලයින්ට එක් වීම නිසා රජු උපක්‍රමශීලීව පසු බැස වර්තමාන යාල අභය භූමියේ පිහිටි ස්වාභාවික රැකවරණයෙන් යුත් පලුට්ඨගිරි නම් ස්ථානයේ කදවුරු බැද ගත්තේය.එහුදී නව හමුදා ප්‍රධානීන් පත් කොට ඉදිරියට ගොස් තඔවිට නම් ස්ථානයේ දී සොලී හමුදාව පරාජයට පත් කලේය.මෙම සටනින් චෝල සෙන්පතියා මරුමුවට පත් වූ අතර ,ද්‍රවිඩ හමුදාව පොලොන්නරුව දක්වා පසුබැස ගියහ.ඔවුන් පසුපස හබා ගිය විජයබාහු රජු ඇතුළු සිංහල හමුදාව පොලොන්නරුව අත්පත් කර ගත්හ.මේ අවස්ථාවේදී චෝල දේශයෙන් ආධාර හමුදාවක් පැමිනීම නිසා විජයබාහු රජු පොලොන්නරුව අතහැර කෑගල්ල දිස්ත්‍රික්කයේ වාතගිරි (වාකිරිගල) නම් ස්ථානයට පසු බැස්සේය.ඉන්පසු මහානාගහුල දක්වා පැමිණ එහි සිටි චෝල විරෝධි සටන සදහා සේනා සංවිධානය කලේය.මේ අතර වත්තල ප්‍රදේශයේ කේශධතු කාශ්‍යප නම් ප්‍රාදේශාධිපතියකු විජයබාහු රජුට එරෙහිව කැරැල්ලක් ඇති කල බවත් රජු වහාම එහි ගොස් කැරැල්ල මැඩ පැවැත්වූ බවත් සදහන් වේ. සැකසුම:-ආචාරිණී චාමිලා කුමාරි මිය


54 views0 comments

Comments


bottom of page