top of page
Search
  • Writer's pictureDulani Anupama

9 ශ්‍රේණිය ප්‍රායෝගික තාක්ෂණික කුසලතා



ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න.

ලෝකයේ ජනගහනය ක්‍රමයෙන් වැඩි වීමත් සමගම,ස්වාභාවික පරිසරයට වන අහිතකර බලපෑම් වැඩි වෙමින් පවතී.ඒ හේතුවෙන් වර්තමානයේ ස්වාභාවික විපත් ද නිතර නිතර සිදු වෙයි.මින් අත් මිදීමට නම් අප සියලු දෙනා පරිසරය සංරක්ෂණය කෙරෙහි අවධානය යොමු කළ යුතුය.වනගොමු නැවත ඇති කිර්‍රිමෙන් මේ සදහා විශාල දායකත්වයක් අපට සැපයිය හැකිය.

01) පහතරට තෙත් කලාපීය වන ගොමු වල ලක්ෂණ 2ක් ලියන්න. 02)එම වන ගොමුවක දැකිය හැකි , 1) දැවමය වටිනාකමක් ඇති ශාක වර්ග 2 ක් නම් කරන්න. 2)ආහාරමය වටිනාකමක් ඇති ශාක වර්ග 2ක් නම් කරන්න. 3)ඖෂධීය ශාක වර්ග 2 ක් ලියන්න. 03)වනාන්තර විනාශ වීමෙන් ඇති වී තිබෙන පාරිසරික ගැටලු 4 ක් ලියන්න.

ග්‍රාමීය ප්‍රදේශ වලට වඩා නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශ වල ජීවත් වන අයට ගෙවත්ත සදහා තිබෙන ඉඩකඩ සීමිතය.වගා කටයුතු සදහා ලැබෙන ආලෝක ප්‍රමාණය සීමා වීමද දැකිය හැකිය.මෙම ප්‍රදේශ වල ජීවත් වන අයට වගා කටයුතු කිරීමට නව තාක්ෂණික වගා ක්‍රම භාවිතා කිරීමට සිදුවේ.


1)මෙහිදී අහස ජය ගනිමින් වගා කටයුතු කිරීමට ( සිරස් වගා ක්‍රම ) නම් භාවිතා කළ හැකි තාක්ෂණික වගා ක්‍රම 2 ක් නම් කරන්න. 2)සීමිත ඉඩ ප්‍රමාණයක බෝග රාශියක් එකවර වගා කිරීම හදුන්වන්නේ කුමන නමකින්ද? 3)බෝග වගාව සදහා යොදා ගත හැකි සත්ව පොහොර වර්ග 2 ක් නම් කරන්න. 4)ගොවිපල අපද්‍රව්‍ය භාවිතයෙන් ජිව වායුව නිපදවා ගෙන බලශක්ති අවශතාවය සපුරා ගත හැක.ජීව වායුවේ බහුලව ඇති වායුව කුමක්ද?

සැකසුම :- සජීවනී ඒකනායක මිය

ඔබේ පිළිතුරු පහත අංකයට viber හෝ whatsapp කරන්න.(076 910 1061)

සැලකිය යුතුයි : ඔබේ නම සහ පන්තිය සදහන් කිරීම අනිවාර්යය වේ.


#9 ශ්‍රේණිය# ප්‍රායෝගික තාක්ෂණික කුසලතා

146 views0 comments

ความคิดเห็น


bottom of page