top of page
Search
  • Writer's pictureDulani Anupama

ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය





වෙළදපොල ආර්ථිකය

1) ඉල්ලුම් නීතිය ඉල්ලුම් න්‍යාය ඉල්ලුම් ශ්‍රිතය අතර වෙනස පැහැදිලි කරන්න. 2) ඉල්ලුම් නීතියේ පදනම පහදන්න. 3) සඵල ඉල්ලුම යන්නෙන් කුමක් වැටහේද? 4) "ඉල්ලුම නැමති සංකල්පයට ආර්ථික විද්‍යාවේ සුවිශේෂී අර්ථයක් පවතී."වුවමනා හා ඉල්ලුම අතර වෙනස දක්වමින් මේ ප්‍රකාශය පහදන්න. 5) වෙනස දක්වන්න. අ)ඉල්ලුම හා ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය ආ)ඉල්ලුම් ප්‍රමාණ වෙනස් වීමක් හා ඉල්ලුමේ වෙනස්වීමක් ඇ)මිල වෙනස් වීමක ආදේශන ප්‍රතිවිපාක හා ආදායම් ප්‍රතිවිපාකය ඉ)ආදේශන හා අනුපූරක භාණ්ඩ ඊ)පාරිභෝගික ඉල්ලුම හා වෙලදපොල ඉල්ලුම 6) ඉල්ලුම නීතියට බලපාන උපකල්පන 3 නම් කරන්න. 7) ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථා මොනවාද? 8) ඉල්ලුම් වක්‍රයක් අදිනුයේ "ආදායම" ස්ථාවර යැයි උපකල්පනය කරමිනි.ඉල්ලුම් ප්‍රතිවිපාකය වෙනස් වීම සදහා "ආදායම් ප්‍රතිවිපාකයද බලපායි."පහදන්න. 9) සාමාන්‍ය භාණ්ඩ බාල භාණ්ඩ හා ෆිගන් භාණ්ඩ අර්ථ දක්වන්න. 10) වෙළදපොලක් යන්නෙන් කුමක් වැටහේද?

11) හිගකම නිසා පැන නගින මූලික ප්‍රශ්න 3 පහදන්න. 12) ආර්ථික පද්ධති අර්ථ දක්වන්න 13) ආර්ථික පද්ධතියක කාර්‍යයන් කවරේද? 14) ආර්ථික පද්ධති විවිධය .එවැනි පද්ධති නම් කර එම විවිධත්වයට හේතු දක්වන්න. 15) ආර්ථික පද්ධතියක සාධනය ඇගයීමෙහිලා යොදා ගනු ලබන නිර්නාය නිර්නායක මොනවාද? 16) ආර්ථික පද්ධති වර්ග කිරීමේදී යොදා ගනු ලබන ප්‍රධාන නිර්නායක‍යන් ලෙස වෙලදපොල අයිතිය ,නිශ්පාදන සම්පත් වල හිමිකාරිත්වය වැදගත් කොට සැලකේ.ගණිදපොලනී වලට ඇතුළත් කරන දේපොල වර්ග 3 කවරේද?දේපොල හිමිකාරිත්වයේ ස්වරූප 3 දක්වන්න. වෙලදපොල අයිතිය හා අයිතිවාසිකම් මත වර්ග කරන ආර්ථික පද්ධති 2 කේ ප්‍රධාන වෙනස කුමක්ද? 17) සානුබලව ප්‍රධාන ස්වරූප 3 දක්වන්න. 18) රාජ්‍ය නිරිභයවාදය හෙවත් වෙලදපොල ආර්ථිකයක ආණ්ඩුවේ කාර්‍යයභාරය සීමිත වීම යන්නෙන් ඔබට කුමක් වැටහේද? 19) වෙලදපොල ආර්ථිකයක පාරිභෝගික ස්වාධිපත්‍යක් ඇතැයි පවසන්නේ ඇයි? 20) වෙලදපොල ආර්ථික පද්ධතියක අද්ෘශ්‍යමාන හස්තයක් ඇතැයි පවසන්නෙ ඇයි? 21) වෙලදපොල ආර්ථිකයක ලාභයේ කාර්‍යය භාරය දක්වන්න. 22) සම්පත් කාර්‍යක්ෂමව බෙදා හැරීමෙහි ලා වෙලදපොල ක්‍රමය හැමවිටම සමත්වේද?ඔබේ පිලිතුර පහදන්න? 23) වෙලදපොල මගින් මෙහෙයවනු ලබන ආර්ථිකයක් සැමවිටම හිතකර ප්‍රතිඵල ලබා දෙන්නේදැයි පහදන්න. 24) නිදහස් වෙලදපොල ආර්ථිකයක් තුල රජයේ මැදිහත්වීම් සාධාරණීකරණය කල හැකිකේ කවර හේතු නිසාද?වෙලදපොල ආර්ථිකයක රජයේ කාර්‍යභාරය කුමක්ද? 25) මිශ්‍ර ආර්ථික ක්‍ර්මයක ආදායම් විෂමතාව පිළිබදව ප්‍රශ්න විසදීමට රජයකට අනුගමනය කල හැකි ක්‍රියාමාර්ග දක්වන්න. 26) සැලසුම් සහගත ආර්ථික පද්ධති වල ලක්ෂණ කවරේද? 27) සැලසුම් සහගත ආර්ථික ක්‍රමයක වාසි කවරේද? 28) සැලසුම් සහගත ආර්ථික ක්‍රමයක අවාසි කවරේද? 29) මිශ්‍ර ආර්ථිකයක ලක්ෂණ කවරේද? 30) "සමාජීය වෙලදපොල ආර්ථිකය " යන්නෙන් කුමක් වැටහේද?සමාජීය වෙලදපොල ආර්ථිකය නිදහස් වෙලදපොල ආර්ථිකයෙන් වෙනස් වන්නේ කෙසේද?සමාජවාදී වෙලදපොල ආර්ථිකය යන්න පහදන්න. ආර්ථික විද්‍යාව හැදින්වීම හා මූලික ආර්ථික සංකල්ප

1. ආර්ථික විද්‍යාව වූඋ කලී කිසියම් දර්ශනයක් හෝ මතවාදයකි .එකග වන්නේද? 2. ආර්ථික විද්‍යාව හැදෑරීමේ වැදගත්කම කුමක්ද ? 3. යථානුරූපී ප්‍රකාශය හා අභිමතානුරූපී ප්‍රකාශ අතර වෙනස පහදන්න. 4. සූක්ෂ්ම ආර්ථික න්‍යාය හා සාර්ව ආර්ථික න්‍යාය අතර වෙනස දක්වන්න. 5. ආර්ථික විද්‍යාව තේරීම පිලිබද විද්‍යාවකි.පහදන්න. 6. හිගකම යන්නෙන් කුමක් වැටහේද?ආර්ථික ව්ද්‍යාවේ කේන්ද්‍රීය ප්‍රශ්නය හිහකම ලෙස හදුන්වන්නේ ඇයි? 7. හිගකම නැමැති ප්‍රශ්නයට පහත දැක්වෙන ප්‍රකාශ ඇතුලත් කල හැකිය.ඔබ එකග වන්නේද?හේතු දක්වන්නේද? අ) සෑම පුද්ගලයෙකුම ඉතා පිරිමැසුම් ලෙස සම්පත් භාවිතා කිරීම මගින් හිගකම විසදේ. ආ)රු.බිලියන 1000 ක් වැයවෙන රු.බිලියන 800 ජපන් ප්‍රදානයක් ලැබෙන අධිවේගී මාර්ගයක් ඉදිකිරීමේදී ප්‍රශ්නයට රජයක් මුහුණ දීම හිගකමක් නොවේ. ඉ) ඉතියෝපියාවට හිගකමක් තිබෙන අතර ඇමරිකාවට නැත. ඊ)හිගකම යනු දිලිදුකමයි. උ)මේ දිනවල පොල් ඉල්ලුමට සාපේක්ෂව පොල් සැපයුම අඩුය. 8. වෙනස පහදන්න. අ) අවශ්‍යතා හා වුවමනා ආ)ආර්ථික භාණ්ඩ හා නොමිල භාණ්ඩ ඉ)මූල්‍ය පිරිවැය හා ආවස්ථික පිරිවැය ඊ)ආර්ථික සම්පත් භාවිතයේ නිශ්පාදනයේ කර්‍යක්ෂමතාව හා බෙදාහැරීමේ කාර්‍යක්ෂමතාවය 9. ආවස්ථික පිරිවැය සංකල්පය හදුන්වන්න. 10. වැඩිවන ආවස්ථික පිරිවැය නීතිය යනු කිමක්ද? 11. වැඩිවන ආවස්ථික පිරිවැයට බලපා ඇති හේතු සදහන් කරන්න. 12. නිශ්පාදනයේ කාර්‍යක්ෂමතාවය හා සම්පත් බෙදීයාමේ කාර්‍යක්ෂමතාවය සදහා අවශ්‍ය කරන කොන්දේසි කවරේද? 13. ආර්ථිකයේ සම්පත් කාර්‍යක්ෂමව උපයෝජනය වේද යන්න තහවුරු කර ගැනීමට සපුරා ලිය යුතු කොන්දේසි කවරේද? 14. ආර්ථිකයේ සම්පත් කාර්‍යක්ෂමව උපයෝජනය වේද යන්න තහවුරු කර ගැනීමට සපුරා ලිය යුතු කොන්දේසි කවරේද? 15. සමාජයන් සැමවිටම තෝරා ගැනීමේ ගැටලුවකට මුහුණ දෙන්නේ ඇයි දැයි පහදන්න. සැකසුම :- ආචාරිණී පි.එල්.එස්.ප්‍රියන්තිලතා මිය

පිළිතුරු යොමු කල යුතු ආකාරය නම - ශ්‍රේණිය - සමග පිළිතුරු සැපයූ කොලයේ පැහැදිලි පින්තූරයක් අමුනා එවන්න. ඔබගේ පිළිතුරු පහත number එකට whatsapp or Viber කරන්න. 0769101061

14 views0 comments

Comments


bottom of page