top of page
Search
  • Writer's pictureDulani Anupama

ක්ෘෂිකර්මය 7 ශ්‍රේණිය

කාබනික පොහොර

කාබනික පොහොර යනු ශාක හෝ සත්ව කොටස් වලින් සෑදී ජීරණය හෝ වියෝජනය වී ශාකයක වර්ධනයට පෝෂක සපයන ද්‍රව්‍ය වේ. මේ සදහා බහුලව මුලුතැන්ගෙය , ගොවිපල , වලින් ඉවත දමන ඉතිරි වන කාබනික ද්‍රව්‍ය භාවිතා කල හැක.ගොවීන් මේවා භාවිතා කිරීම නිසා පරිසරය පිටිසිදු වීම , වැසි මදුරු උවදුරු අඩු වීම ,මුදල් වැය නොවීම,වැනි හිතකර තත්ව ඇති වේ. කාබනික පොහොර වර්හ- 1.කොල පොහොර 2.ගොවිපල පොහොර 3.කොම්පෝස්ට් පොහොර 4.කාබනික දියර 5.ජීව පොහොර 1.කොල පොහොර අප එදිනෙදා ජීවිතයෙදී ශාක වලට පොහොර ලබාදීමට ලබාගන්නා ශාක පත්‍ර මෙයට අයත් ය. උදා:-මකුලන , ඉපිල් ඉපිල් , කප්පෙටියා,ගම්සූරිය,වල් සූරියකාන්ත,එරබඩු,සන්හෙම්ප් මේවා ප්‍රධාන ආකාර 2 කට වගා බිමට එක් කරයි.

1.වගා බිමේ වවා පසට යට කිරීම :- මේවා පසට යට කරන විට පසට වැඩිම පෝෂණයක් ලබා දෙන අවස්ථාව වන 50% පුෂ්ප පිපෙන අවස්ථාවේදී වගබිම සී සෑම සිදුකර පසට යට කරයි. උදා:- දියසියඹලා , සන්හෙම්ප් , මීට අමතරව කව්පි , මුං ඇට ආදී ඉහල N% ඇති ශාකවල අස්වනු වාර 2 ක් පමන ලබාගෙන පසුව පසට යට කර සී සායි. 2.පිටතින් කපා ගෙන පැමිණ පසට යට කිරීම:- ගිලිසීඩියා , ඉපිල් ඉපිල් , කැප්පෙටියා වැනි ශාකවල පත්‍ර හා ලපටි කදන් කපාගෙන පැමින පසට යට කරයි.මේ සදහා භාවිතා කල යුත්තේ කාබන් , නයිට්‍රජන,අනුපාතය අඩු ශාකයි.( රනිල , කොම්පොසිටේ කුල ) යෙදිය යුතු අවස්ථාව - අමු කොල පොහොර ජීරනය සදහා පසෙන් N උරා ගනී.මේ නිසා බිම් සකසන විට මෙම අමු කොල පොහොර පසට එක් කල විට බීජ හෝ පැල හිටවන අවස්ථාව වන විට මේවා දිරාපත් වී ඇත.


2.ගොවිපල පොහොර මේ සදහා ගොවිපල සතුන්ගේ මලමුත්‍රා , අතුරුණුව , ආහාරයට ගෙන ඉතිරි ත්ෘන , සත්ව ආහාර යොදා ගනී. මේවා මාසයක් පමණ දිරාපත් වීමට ගොඩ ගසා තබයි.ගොවිපල පොහොර වල පෝසක සංයුතිය පහත කරුනු මත රදා පවතී. 1.යොදා ගත් සත්ව විශේෂය 2.සතුන්ගේ වයස 3.සතුන්ට දෙන ආහාර මාර්ගය 4.පොහොර රැස් කර තබන ස්ථානය සත්ව පොහොර වල වැඩිපුර ශාක පෝෂක ඇත. කුකුළු කොටුවලින් ලබා ගත හැකි අතුරුණු වර්ග 2කි. 1.බොයිලර් කුකුලන්ගේ අතුරණුව - දින 32-40 වරක් මාරු කරයි. 2.බිත්තර දමන කිකිළියන්ගේ අතුරණු- වසරක් පමන මලපහ , ආහාර කොටස් ,පිහාටු ආදිය එක්වන නිසා බොයිලර් අතුරණුවට වඩා ශාක පෝෂක ඇත. 3.කොම්පෝස්ට් පොහොර කොම්පෝස්ට් පොහොර යනු කාබනික ද්‍රවය , පාලනය කරන ලද තත්ව යටතේ දී මිනිසාගේ මැදිහත් වීමෙන් ක්ෂුද්‍ර ජීවීන් මගින් අර්ධ ලෙස ජීරණයට ලක් කට ශාක වර්ධනයට අවශ්‍ය පෝෂක හෙවත් කොම්පෝස්ට් බවට පත් කිටීමයි. *ස්වාභාවිකව කොම්පෝස්ට් නොසෑදේ.කාබනික ද්‍රව්‍ය මත ක්ෂුද්‍ර ජීවීන් ක්‍රියා කරන විට පිටවන වායුන් පිටතට යාමට නොදී ඛනිජීකරනය කල යුතුය.ස්වාභාවිකව කාබනික ද්‍රව්‍ය ජීරනයෙන් හියුමස් සෑදෙන අතර කොම්පෝස්ට් නොසෑදේ.ඒ සදහා මිනිසාගේ මැදිහත් වීම අත්‍යාවශ්‍යය.කොම්පෝස්ට් සෑදීම ක්‍රම 2 කට සිදුකල හැක. 1.ස්වායු කොම්පෝස්ට් සෑදීම 2.නිර්වායු කොම්පෝස්ට් සෑදීම ස්වායු කොම්පෝස්ට් සෑදීමේ වාසි - 1.ඉක්මනින් වකොම්පෝස්ට් පොහොර සෑදේ. 2.දුර්ගන්ධය අඩුය. 3.කාබනික අම්ල හා එතිලීන් නොසෑදේ. නිර්වායු තත්ව යටතේ කොම්පෝස්ට් පොහොර සෑදීමේ අවාසි- 1.වැඩි කාලයක් ගත වේ. 2.දුගද වැඩිය. 3.කාබනික අම්ල හා එතිලීන් සෑදේ.











සැකසුම-ආචාරිනී නිල්මිනී ජයසිංහ මිය

94 views0 comments

Comentários


bottom of page