top of page
Search
  • Writer's pictureDulani Anupama

කෘෂි හා ආහාර තාක්ෂණය 11 ශ්‍රේණිය

1 පත්‍රය ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න.

01.නිශේධ ද්‍රව්‍ය සහිත බීජවල ප්‍රයෝජනය ඉක්මන් කිරීමට කරවූයේ, 1.ජලයෙන් සේදීමය. 2.උණු ජලයේ දැමීමය. 3.බීජාවරණය ඉවත් කිරීමය. 4.රසායනික ද්‍රව්‍ය යෙදීමය.

02.අනුජයක තිබිය යුතු හිතකර ලක්ෂණයක් වන්නේ, 1.පැන්සලක් පමන මහත කදක් තිබිම 2.පරිසරයට ඔරොත්තු දෙන වර්ගයක් වීමය. 3.ශක්තිමත් මූල මණ්ඩලයක් තිබීම 4.වැඩි වෙලද වටිනාකමක් තිබීමය.

03.අල බෝගයක අස්වැන්න වැඩි කරගැනීමට ඒවා සිටුවිය යුත්තේ, 1.රාත්‍රී උෂ්ණත්වය වැඩි කාලයක් ලැබෙන ලෙසය. 2.රාත්‍රී උෂ්ණත්වය අඩු කාලයක් ලැබෙන ලෙසය. 3.දහවල් උෂ්ණත්වය අඩු කාලයක් ලැබෙන ලෙසය. 4.දහවල් උෂ්ණත්වය වැඩි කාලයක් ලැබෙන ලෙසය.

04.ශ්‍රී ලංකාවේ ජාන සම්පත් සංරක්ෂණයෙහිලා වැදගත් මෙහෙවරක් ඉටු කරන ජාන සම්පත් මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ, 1.මගීඉලුප්පල්ලමය 2.තලවකැලේ 3.කුණ්ඩසාලේ 4.ගන්නෝරුවේය

05.වර්ධන ප්‍රචාරණයේදී මුල් කැබලි මගින්ද නව පැල බෝකර ගත හැක.එවැනි ශාක කාණ්ඩය වන්නේ, 1.දෙල් , නරං,කෝපි 2.රඹුටන්,අඹ,දෙල් 3.දෙළුම්,බෙලි,රඹුටන් 4.දෙල්,බෙලි,කරපිංචා

06.බිම් සැකස්ම යනු බෝගයක් සිටූවීමට අවශ්‍ය පාංශූ පරිසරය ගොඩනැගීමයි.එහි අවාසියකි. 1.තද පාංශූ ස්ථර බැදී හෙලීම. 2.ශාක වර්ධනයට ඇති බාධක ඉවත් කිරීම. 3.පසෙහි ව්‍යුහය බිද වැටීම 4.පසෙහි භෞතික තත්වය බිද වැටීම.

07.කාබනික ගොවිතැන සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය වනුයේ, 1.මෙහිදී කාබනික ද්‍රව්‍ය පමණක් භාවිතා කෙරේ. 2.මෙහිදී රසායනික ද්‍රව්‍ය කිසිවිටෙක භාවිතා නොකෙරේ. 3.මෙහිදී ලබාගන්නා නිශ්පාදන අනුභවයෙන් අහිතකර විපාක ඇති නොවේ. 4.මෙහිදී නිරතුරුවම රසායනික ද්‍රව්‍ය භාවිතා කරයි.

08.ලිංගික ප්‍රචාරණයේ බිහිවන ශාකවල බලාපොරොත්තු විය නොහැකි ලක්ෂණයක් වන්නේ, 1.මව් ශාකයට වඩා වෙනස් ලක්ෂණ ඇතිවේ. 2.දිගු ජීවිත කාලයක් පැවතීම 3.මව් ශාකයට සමාන ලක්ෂණ ඇතිවීම 4.ශාක විශාලව වැඩීම.

09.තවානක් වසුන් කිරීමෙන්, 1.තවානට රෝග ඇතිවීම වළක්වයි. 2.තවානෙහි පස ජීවානුහරණය වේ. 3.පළිබෝධකයින්ගෙන් වන හානි වළක්වයි. 4.තවානෙහි තෙතමනය , උෂ්ණත්වය ආරක්ෂා කර ගනිමින් වල්පැල පාලනය කරයි.

10.වට්ටක්කා,කරවිල,පතෝල ආදී බෝග තවාන් දැමීමට සුදුසුම ක්‍රමය වන්නේ, 1.නෙරිඩෝකෝ තවානයි 2.උස් තවානයි 3.වැලි තවානයි 4.ඩැපෝග් තවානයි


11.අඩු පීඩනයක් යටතේ පොලොව මතුපිටින් දමා ඇති , නල තුළින් ගලායන අඩු පරිමා වලින් වැඩි වේලාවක් භෝගයට ජලය ලබා දෙන ජල සම්පාදන ක්‍රමයකි. 1.තීරු ජල සම්පාදනය 2.ඉසින ජල සම්පාදනය 3.බිංදු ජල සම්පාදනය 4.කානු ජල සම්පාදනය

12.සමහර ක්ෘෂිකාර්මික ක්ෂේත්‍ර වල පසට 'ජිප්සම්' යෙදීමට නිර්දේශ කරන්නේ එම පසේ, 1.ආම්ලිකතාව වැඩි කිරීමටය 2.ක්ෂාරීයතාව අඩු කිරීමටය. 3.ආම්ලිකතාව අඩු කිරීමටය. 4.ක්ෂාරීයතාව වැඩි කිරීමටය.

13.පසෙහි පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණයට උපකාරී වන්නේ, 1.සියුම් වැලි 2.රළු වැලි 3.රොන් මඩ 4.හියුමස්

14.ක්ෂේත්‍රය තුල වැවෙන වල් පැලෑටි අතුරින් ඉතා පහසුවෙන් මර්ධනය කල නොහැකි වල් පැලෑටි විශේෂය 1.කලාදුරු 2.මොනරකුඩුම්බිය 3.හුලංතල 4.ගිරාපලා

15.ශාක වර්ධනයට පසෙන් ලබා ගන්නා ප්‍රධාන පෝෂ්‍ය පදාර්ථ කීපයක් නම්, 1.නයිට්‍රජන් , පොස්පරස්,පොටෑසියම් 2.කාබන් ,හයිඩ්‍රජන්,ඔක්සිජන් 3.ගෙන්දගම්,මැග්නීසියම්,තඹ 4.සින්ක්,සෝඩියම්,යකඩ

16.එකම ඉඩමේ බෝගයක් හෝ බෝග කීපයක් හෝ මාරුවෙන් මාරුවට වගා කිරීමේ ක්‍රමය හදුන්වන්නේ, 1.බහු බෝග වගාව යනුවෙනි. 2.මිශ්‍ර බෝග වගාව යනුවෙනි 3.ශෂ්‍ය බෝග වගාව යනුවෙනි 4.අතුරු බෝග වගාව යනුවෙනි


17.ශාකයක කුරු වීම ,පත්‍ර කොඩවීම විචිත්‍ර වීම සිදුවුවහොත් එයට හේතුව විය යුත්තේ, 1.වෛරස් රෝගයකි 2.බැක්ටීරියා රෝගයකි 3.දිලීර රෝගයකි 4.ඌනතා රෝගයකි

18.මුල්වල ආහාර ගබඩා කර අස්වනු ලෙස ලබා ගන්නා බෝගයකි. 1.අර්තාපල් 2.මඤ්ඤොක්කා 3.ගහල 4.ඉගුරු

19.පරිසර දූෂණයෙන් තොරව පලිබෝධ මර්ධනය කල හැකි ඉතා සාර්ථක ක්‍රමයකි. 1.ක්ෘමි නාශක දියර ඉසීම 2.රසායනික ඇට භාවිතය 3.ජෛව ක්‍රම භාවිතය 4.රසායනික කුඩු ඉසීම

20.ඉල් මැස්සා බහුලව හානි කරනු ලබන්නේ 1.කුකබිටේසියේ කුලයේ බෝගවලටය 2.ලෙගියුමිනේසි කුලයේ බෝගවලය. 3.සොලනේසි කුලයේ බෝගවලටය 4.මැල්මේසි කුලයේ බෝගවලටය

21.තවාන් පාත්තියක බීජ පැල වලට දිලීර හානිය වලක්වා ගැනීමට යෙදිය හැකි රසායනික ද්‍රවයකි, 1.කැප්ටාන් 2.චයිසිනෝන් 3.කාබොයුරාන් 4.ෂෙල් ඩී.ඩී

22.පහත බෝග අතරින් නයිට්‍රජන් ප්‍රයෝජන බැක්ටීරියා අඩංගු මූල ගැටිති දක්නට ලැබෙන මූල කාන්ඩය 1.බණ්ඩක්කා,කරවිල,පතෝල 2.මිරිස්,තක්කාලි,බටු 3.බීට්,රාබු,නෝකෝල් 4.මුං,කව්පි,සෝයා බෝංචි

23.අඹ ආදී පලතුරු ශාකවල අතුවල පොතුවලලු ඉවත් කරන්නේ, 1.අධිකව මල් හට ගැනීම පාලනයට 2.අළුතින් රිකිලි හට ගැනීමටය 3.මල් හට ගැනීම උත්තේජනයට 4.ඵලයේ ප්‍රමාණය විශාල කිරීමට

24.ප්‍රභාසංස්ලේශනයට අවශ්‍ය ප්‍රධාන සාධක නම්, 1.ජලය ,හිරු එලිය ,හරිතප්‍රද,කාබන්ඩයොක්සයිඩ් 2.ජලය,උෂ්ණත්වය,හරිතප්‍රද,ආර්ද්‍රතාවය 3.නයිට්‍රජන්,හිරැ එලිය ,තෙතමනය,උෂ්ණත්වය

25.පාංශු අංශූන්ගේ ප්‍රමානය පෙන්වන්නේ, 1.පාංශූ ඛාදනයෙන් 2.පාංශූ ව්‍යුහයෙන් 3.පාංශූ කලිලවලින් 4.පාංශූ පැතිකඩයකින් 26.රෝස ශාක ප්‍රචාරණයට ඉතාමත් යෝග්‍ය වන්නේ, 1.බීජ මගින් 2.රෛසසෝම මගින් 3.කෝම මගින් 4.කැබලි මගින්

27.ශාක වලට අවශ්‍ය පෝෂක හා ජලය උරා ගන්නේ ශාක මූල පද්ධතියේ ඇති , 1.මුදුන් මුලෙනි 2.පාර්ශ්වික මුලෙනි 3.මූලාශ්‍ර කොපුවෙනි 4.මූල කේශ වලිනි

28.පලතුරු ශාකයක ඉහල අත්තේ මුල් අද්දවා ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ සදහා ඔබ කල යුත්තේ, 1.වායව අතු බැදීමය 2.සංයුක්ත අතු බැදීමය 3.ගොඩැලි අතු බැදීමය 4.සරල අතු බැදීමය

29.පහත ද්‍රව්‍ය අතුරින් පාංශු ඛනිජ කොටසට අයත් වන්නේ, 1.වැලි හා මැටිය 2.රොන්මඩ හා පාංශූ වාතයකි 3.ශාක අවශේෂ හා වැලිය. 4.හියුමස් හා බොරළුය.

30.ලංකාවේ පලමු බහු කාර්‍යය සංවර්ධන යෝජනා ක්‍රමය වන්නේ, 1.උඩවලව යෝජනා ක්‍රමය 2.ගල් ඔය යෝජනා ක්‍රමය 3.නිල්වලා යෝජනා ක්‍රමය 4.වික්ටෝරියා යෝජනා ක්‍රමය

31.අඩු පීඩනයක් යටතේ පස මතුපිට ඇති නල තුලින් ගලා යන ජලය ඉතා ස්වල්පය බැගින් බෝග ශාක වල මුලට ලැබෙන සේ ජලය සැපයෙන ජල සම්පාදන ක්‍රමය නම්, 1.පිටාර ජල සම්පාදනයයි. 2.ඉස්න ජල සම්පාදනයයි 3.බේසම් ජල සම්පාදනයයි 4.බිංදු ජල සම්පාදනයයි

32.බෝගයක් සිටු වීමෙන් පසුව එම බෝගය සිටුවන ලද පසට කරනු ලබන සියළුම කාර්‍යයන් හදුන්වන්නේ, 1.පශ්චාත් සාත්තු වශයෙනි 2.අතුරුයක් ගෑම වශයෙනි 3.බිම් සැකැස්ම වශයෙනි 4.බෝග රැක බලා ගැනීම වශයෙනි

33.ලංකාව කුඩා රටක් වුවද විවිධ ප්‍රදේශවල විවිධ උෂ්ණත්ව පරාස පවතී.මෙයට ප්‍රධාන වශයෙන්ම හේතු වන්නේ, 1.අහසේ පවතින වලාකුළු ප්‍රමාණය යි. 2.සාපේක්ෂ ආර්ද්‍රතාවයයි. 3.මුහුදු මට්ටමේ සිට ඇති උසයි. 4.සුලගේ වේගය යි.

34.පරිසර උෂ්ණත්වය පහත ක්‍රියාවලි සදහා බලපායි.එයින් අවම ලෙස බලපාන්නේ, 1.ප්‍රභාසංස්ලේෂනය සදහායි. 2.උත්ස්වේදනය සදහායි. 3.වාශ්පීකරණය සදහායි. 4.ජලවහනය සදහායි.

35.අඹ බීජ වල අක්‍ර්‍රියතාවය ඉවත් කිරීමට වඩාත් සුදුසු ක්‍රමය, 1.බීජාවරණය ඉවත් කිරීමයි 2.උණු වතුරේ ගිල්වීමයි. 3.බීජාවරණය පිලිස්සීමයි. 4.තනුක අම්ලයක ගිල්වීමයි. සැකසුම :- ආචාරිණී සජීවනී ඒකනායක මිය

පිළිතුරු යොමු කල යුතු ආකාරය නම - ශ්‍රේණිය - සමග පිළිතුරු සැපයූ කොලයේ පැහැදිලි පින්තූරයක් අමුනා එවන්න. ඔබගේ පිළිතුරු පහත number එකට whatsapp or Viber කරන්න. 0769101061

8 views0 comments

Comments


bottom of page