top of page
Search
  • Writer's pictureDulani Anupama

බෞද්ධ ශිෂ්ඨාචාරය 12 ශ්‍රේණිය

Updated: Apr 21, 2020

දෙවන වාර පරික්ෂණයට නියමිත ප්‍රශ්න මාලාව සියලු ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

1 කොටස

(01 )1.බ්‍රාහ්මණ ඉගැන්වීම් වලට අනුව ක්ෂත්‍රීය වර්ණයට හිමි වු ස්වධර්ම නම් කරන්න. 2.බෞද්ධ නොවන ශ්‍රමණ ගුරු කුල 4 ක් සැකෙවින් දක්වන්න. 3.බුද්ධ කාලීන කෝසල රාජ්‍ය පිළිබද හදුන්වන්න. 4.මක්ඛලී ගෝසාල ශාස්ත්ෘවරයාගේ ඉගැන්වීම් හදුන්වා දෙන්න. 5.සතර සංග්‍රහ වස්තු නම් කරන්න. (02)1.තාදි ගුණය නිදසුන් 2ක් ඇසුරෙන් පහදන්න. 2.ශාසනික උන්නතිය සදහා අනේපිඩු සිටුතුමාගෙන් සිදු වූ සේවය දක්වන්න. 3.ආශ්‍රම ධර්ම සැකෙවින් හදුන්වන්න. 4.බුදුන් වහන්සේගේ පුරිස දම්ම සාරථී ගුණය හදුන්වන්න. 5.දස අකුසල් පිළිවෙලින් නම් කරන්න. (03)1.සිවු බඹ විහරණ නම් කරන්න. 2.ආනන්ද තෙරුන් වහන්සේගේ ශාසනික මෙහෙවර හදුන්වන්න. 3.සුගත බුදු ගුමය හදුන්වන්න. 4.මහා ප්‍රජාපතී ගෝතමී චරිතය හදුන්වන්න. 5.බ්‍රාහ්මණ ඉගැන්වීම් අතර ස්වධර්ම සංකල්පය තුළින් ශුද්‍රයාට අහිමි වූ කාර්‍යයන් විස්තර කරන්න.


11 කොටස

(01)1.ස්ව ධර්ම සංකල්පය පිළිබද බ්‍රාහ්මණ මතය විස්තර කරන්න. 2.බමුණනිගේ වර්ණ ධර්ම සංකල්පය බුදුධහමේ ප්‍රතික්ශේප වූ අකාරය පහදන්න. (02)1.සමූහාණ්ඩු පාලනයක දැකිය හැකි විශේෂ ලක්ෂණ බුද්ධකාලීන දේශපාලන පසුබිම ඇසුරෙන් පහදන්න. 2.බුදුරජාණන් වහන්සේ සමග සම්බන්දතා පැවැත්වූ රාජාණ්ඩු පාලනය ගැන කෙටි විස්තරයක් කරන්න. (03)1.බ්‍රාහ්මණ ඉගැන්වීම් අනුව වෛශ්‍ය වර්ණයට හිමි වූ කාර්‍යයන් නම් කරන්න. 2.කාන්තාව වක ,බිරිදක භික්ෂුණියක ලෙස ගෞරවයට ලක් වූ ආකාරය උදාහරණ 2ක් මගින් විස්තර කරන්න. (04)1.සහජීවනයෙන් යුත් සමාජයක් බිහි කිරීම සදහා සතර සංග්‍රහ වස්තු උපයොගි කරගත හැකි ආකාරය විස්තර කරන්න. 2.ජනතා හිතවාදී පාලනයක් සදහා දසරාජ ධර්මවල උපයෝගීතාව ඇගයීමට ලක් කරන්න. (05)1.බුද්ධ කාලීන භාරත සමාජයෙහි පුද්ගල සමානත්මතාවය හා ස්වාධීනත්වයට බාධාකාරි වූ අගනා ඉගැන්වීම් මොනවාද? 2.පුද්ගල සමානත්මතාවය හා ස්වාධිපත්‍ය ඇගයීමට ලක් කල බුදු සමයේ විමර්ශනය කරන්න.

සැකසුම:- ආචාරිණී සී. සමරවික්‍රම මිය

පිළිතුරු යොමු කල යුතු ආකාරය නම - ශ්‍රේණිය - සමග පිළිතුරු සැපයූ කොලයේ පැහැදිලි පින්තූරයක් අමුනා එවන්න. ඔබගේ පිළිතුරු පහත number එකට whatsapp or Viber කරන්න. 0769101061

105 views0 comments

Comentários


bottom of page