top of page
Search
  • Writer's pictureDulani Anupama

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යනය 11 ශ්‍රේණිය

Updated: Apr 19, 2020


2 පාඩම - අලෙවිකරණය

මිනිස් අවශ්‍යතා හා වුවමනා ත්ෘප්තිමත් කිරීම සදහා වටිනාකමකින් යුතු නිශ්පාදනයක් නිර්මාණය කිරීමේ හා පිලිගැන්වීමේ ක්‍රමය අලෙවිකරණය යි. මින් අදහස් වන්නේ නිශ්පාදිතයක් නිර්මාණය කිරීමේ අදහස් මතු වීමත්,නිශ්පාදනය කිරීමත්,නිශ්පාදනය පාරිභෝගිකයාට ලබා දී පරිභෝජනයෙන් පසුත් අවශ්‍ය සේවා සැපයීම දක්වාම මෙය ක්‍රියාත්මකය.

01)අලෙවිකරණයට අදාල කාර්‍යයන් මොනවාද? 1.භාණ්ඩය හෝ සේවාව නිර්මාණය කිරීම 2.නිර්මාණය කල භාණ්ඩය හෝ සේවාව පාරිභෝගිකයාට ආකර්ශ්නීයව හදුන්වා දීම. 3.සාධාරණ මිලක් ලකුනු කිරීම. 4.භාණ්ඩය හෝ සේවාව සරල ආකාරයට ලබා දීම. 5.පාරිභෝගික ප්‍රතිචාරය සොයා බලා අලවියෙන් පසු සේවා සැපයීම.

02)ව්‍යාපාරිකයෙකුට අලෙවිකරණය වැදගත් වන්නේ ඇයි? 1.පාරිභෝගික‍යන් ආකර්ශනය කර ගැනීමට 2.ගනුදෙනු කරුවන් ව්‍යාපාරය වෙත රදවා ගැනිමට

ඕනෑම ව්‍යාපාරිකයෙකු තමන් නිපදවන භණ්ඩ සැපයීමට ඉලක්ක වෙලදපොලක් සොයා ගැනීම අත්‍යාවශ්‍යය.සමස්ථ වෙලදපොලටම භාණ්ඩ සැපයීමට අපහසු නිසා තෝරා ගත් ඉලක්ක වෙලදපොලකට සැපයීම පහසුය.

03)ඉලක්ක වෙලදපොල යනු කුමක්ද? වඩාත් ආකර්ශනීයව හා ලාභදායීව ත්ෘප්තිමත් කල හැකි පාරිභෝගිකයන්ගෙන් සමන්විත වෙලදපොලයි/ උදා:-දියවැඩියා රෝගීන්ට අහාර නිපදවන විට ඉලක්ක වෙලදපල වන්නේ දියවැඩියා රෝගීන් ය.

04)අලෙවි මිශ්‍රය යනු කුමක්ද?4p's ඉලක්ක වෙලදපොලකට භාණ්ඩ හා සේවා සැපයීම උපාය මාර්ග අනුව කල යුතුය.මෙම උපාය මාර්ග අලෙවි මිශ්‍රය වේ. 1.නිශ්පාදිතය-product 2.මිල-price 3.ස්ථානය-place 4.ප්‍රවර්ධනය-promotion


3-පාඩම අලෙවි මිශ්‍රය

නිශ්පාදිතය මිනිස් අවශ්‍යතා ඉටු කිරීමට ඉදිරිපත් කරන ඕනෑම දෙයකි.මෙය විවිධ ආකාරටයට වරින් වර වෙනස් කිරීම සිදු කිරීම තුලින් අලෙවිය වැඩි කිරීම කල හැකිය. උදා:- මෝස්තරය වෙනස් කිරීම ගුණත්වය වැඩි කිරීම ඇසුරුම නිර්මාණශීලිව ඉදිරිපත් කිරීම විවිධ අංග සහිතව සැපයීම

මිල කිසියම් භාණ්ඩයකට හෝ සේවාවකට අය කරන මිල ,පාරිභෝගිකයාගේ පැත්තෙන් පිරිවැයකි.මෙම මිල වෙනස් කර අලෙවිය වැඩි කර ගත හැකිය. උදා:- මිල අඩුකර වට්ටම් ලබා දීම. පහසු ණය කොන්දේසි මත භාණ්ඩ සැපයීම භාණ්ඩ සමග යම් යම් දීමනා ලබා දීම.

ස්ථානය ( බෙදා හැරීමේ මාර්ග ) නිශ්පාදිතය පාරිභෝගියකයන් වෙත ලබා දීම සම්බන්ධ ක්‍රියාවලිය කි.මෙය ක්‍රම දෙකකට සිදුවේ. 1. නිශ්පාදිතයා මහින් බෙදා හැරීම.( ඍජු බෙදාහැරීම ) 2. අතරමැදියන් මගින් බෙදා හැරීම.

ප්‍රවර්ධනය අලෙවිය වැඩි කිරීම්ට දරන විවිධ උපක්‍රම ප්‍රවර්ධනය වේ. උදා:ක්‍රීඩා තරග වලට අනුග්‍රහය දැක්වීම.(ක්‍රිකට් ) නොමිලේ සාම්පල් බෙදා හැරීම ප්‍රචාරණ දැන්වීම් පල කිරීම. වැඩ මුලු පැවැත්වීම.

මීට අදාල ක්‍රියාකාරකම් 1,2,3 සම්පූර්ණ කරන්න.

සැකසුම :-එම්.ගුණසේකර මි

පිළිතුරු යොමු කල යුතු ආකාරය නම - ශ්‍රේණිය - සමග පිළිතුරු සැපයූ කොලයේ පැහැදිලි පින්තූරයක් අමුනා එවන්න. ඔබගේ පිළිතුරු පහත number එකට whatsapp or Viber කරන්න. 0769101061

18 views0 comments

Comments


bottom of page