top of page
Search
Writer's pictureDulani Anupama

සෞඛ්‍ය හා ශාරිරික අධ්‍යාපනය 7 ශ්‍රේණිය

සෞඛ්‍යවත් ආහාර (පාඩම ඉතිරි කොටස ) ක්ෂුද්‍ර පෝෂක දෛනිකව ශරීරයට ක්ෂුද්‍ර පෝෂක කුඩා ප්‍රමානයෙන් අවශ්‍ය වේ.ක්ෂුද්‍ර පෝෂක අපට ලැබෙන්නේ එලවලු,පලතුරු,පලවර්ග ,පියලි ආහර,සත්වමය ආහාර ආදියෙනි. ක්ෂුද්‍ර පෝෂක - විටමින් , ඛනිජ ලවන විටමින් , ඛනිජ ලවන අඩංගු අහාර හදුනා ගැනීමට හා එහි කාර්‍යයන් හදුනාගැනීමට පිටු අංක 84 හා 85 අඩංගු වගුව කියවා අධ්‍යනය කරන්න. (9.2 හා 9.3 වගුව) තන්තු බහුල ආහාර


ආහාරමය තන්තු යනු අපි ගන්නා ආහාරවල අඩංගු නමුත් ජීරණයට ලක් නොවන සංඝටකයකි. තන්තු බහුල ආහාර කාණ්ඩ- කුරුට්ට සහිත ධාන්‍ය පලා,පලතුරු,එලවලු,පලතුරු වර්ග කජු,රටකජු වැනි ඇට වර්ග පියලි ධාන්‍ය වර්ග උදා:- සෝයා , කඩල , කව්පි, මුං,පරිප්පු ආහාර වර්ග අනුවද ආහාරය සාදා ගන්නා ස්වාභාවය අනුවද ඒවායේ අඩංගු තන්තු ප්‍රමානය වෙනස් වේ. උදා:- අඹ කෑලි වල - තන්තු වැඩිය අඹ බීම වල - තන්තු අඩුය. ප්‍රශ්න 1.විටමින් A වලින් ඇති ප්‍රයෝජන මොනවාද? 2.විටමින් D ස්වාභාවිකව ලබා ගත හැක්කේ කෙසේද? 3.කැල්සියම් හා පොස්පරස් වලින් ලැබෙන ප්‍රයෝජන මොනවාද? 4.යකඩ ප්‍රධාන වශයෙන් වෙන්කල හැකි කාණ්ඩ මොනවාද? 5.යකඩ වලින් ලැබෙන ප්‍රයෝජන මොනවාද? 6.තන්තු ආහාරයට එක්කර ගැනීමෙන් ලැබෙන වාසි මොනවාද?

ජලය

ජලය යනු ශරිරයට අත්‍යාවශ්‍ය සංඝටකයකි.බීමට සුදුසු ජලයෙහි PH අගය 6.6-7 අතර වේ.අපිරිසිදු ජලය භාවිතයෙන් , කොලරාව , පාචනය , සෙංගමාලය , උණසන්නිපාතය වැනි රෝග ඇතිවේ.දිනකට සාමාන්‍ය පුද්ගලයෙකුට ජලය ලීටර් 1.5 - 2.0 අතර අවශ්‍ය වේ.( වීදුරු 7/8 ක් පමණ) දෛනික ජල අවශ්‍යතාවය ලීටර් = ශරීරයේ බර / 30 ජලය , ජලය ලෙසටම පමනක් නොව විවිධ ආහරයෙන් ශරීරයට ලබා ගනී. ප්‍රශ්න පිටු අංක 88 හා 89 කියවා ප්‍රශ්න වලට පිලිතුරු සපයන්න. 1.ජලය අපට අවශ්‍ය වන්නේ ඇයි? 2.ශරීරයට ජලය ලැබෙන ක්‍රම මොනවාද? 3.ශරීරයෙන් ජලය පිටවන ක්‍රම මොනවාද?

127 views0 comments

Recent Posts

See All

Comments


bottom of page