top of page
Search
  • Writer's pictureDulani Anupama

සිංහල භාෂාව හා සාහිත්‍ය 6 ශ්‍රේණිය



පෙළපොත පරිශීලනය කර පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

01) 6 පාඩම ( සිරිත් හොද දැනගෙන )

1)ඉර උදාවන්නට ප්‍රථම නැගිට කරන්න යැයි පවසන්නේ කුමක්ද ? 2)සිත වැඩකට යොදවන්න යැයි පවසන්නේ ඇයි? 3)සුදුසු ආකාරයට ඇදුම් පැළදුම් පරිහරනය කළ යුතු ආකාරය විදහා දැක්වෙන කවිය කුමක්ද? 4)උතුමන් ඉදිරියේ හැසිරිය යුතු ආකාරය කවියා දක්වා ඇත්තේ කෙසේද? 5)මෙම කවියට අනුව ආහාර අනුභවයේදී වැදගත් වන සිරිත් මොනවාද? 6)පද්‍ය පන්තිය උපුටා ගත් කාව්‍ය ග්‍රන්ථය හා තනි කතුවරයා නම් කරන්න.

02) 7 පාඩම ( අලි උවදුර )

1)අලියා රෑ බෝවෙන තෙක් බලා සිටියේ ඇයි? 2)හිවල් හූවත් , අලියාට ඇසුනු හූවත් අතර වෙනස කුමක්ද? 3)අලියා පාද වලට ස්තුති කලේ ඇයි? 4)අලියා දුටු ඒ සතාගේ ස්වාභාවය කුමක්ද? 5)අලි උවදුර කතාව උපුටා ගත් ග්‍රන්ථය හා එහි කර්ත්ෘ කවුද?

03) 8 පාඩම ( නලපාන ජාතකය )

1)පන්සිය පනස් ජාතක පොත ලියවුනු යුගය කුමක්ද? 2)එහි අන්තර්ගත කතා මොනවාද? 3)ජාතක කතාවට අනුව බෝසත් තුමා ඉපදුනු කුල මොනවාද? 4)බුදුරජාණන් වහන්සේ කුමන ස්ථානයක සිට මෙම ජාතකය දේශනා කළේද? 5)බෝධිසත්වයෝ පොකුණ පරික්ෂා කර පැවසුවේ කුමක්ද? 6)දිය රකුසාගෙන් බේරි පැන් බීම සදහා වදුරු නායකයා අනුගමනය කළ ක්‍රියාමාර්ගය කුමක්ද? 7)මෙම කතාවෙන් ගත හැකි ආදර්ශ මොනවාද?


පහත දැක්වෙන වචන වලට විශේෂණ පද යොදා ලියන්න.

1) ළමයා 2)ගෙදර 3)මල්ලි 4)සාරිය 5)මේසය

හිස්තැන් පුරවන්න.

1)....... නකය( ග / ඝ ) 2)....... යාරූපය ( චා / ඡා ) 3)ව ....... ය ( න / ණ ) 4)එ..... නවා ( ල / ළ ) 5)වර්ග.......ලය( ප / ඵ )

පහත වාක්‍ය වර්තමාන කාල ක්‍රියා පදය යොදා සම්පූර්ණ කරන්න.

1) තාත්තා රත්‍රියේ නිවසට ............... 2)ශිෂයෝ ක්‍රීඩා තරහයට ............... 3)නංගි පන්සල් යාමට මල් ................ 4)පාසලේ ශ්‍රමදානයට අපි සහභාගි ............... 5)අක්කා ගෙදර දොර පිරිසිදු....................

පහත සදහන් පද සදහා සමාන පද ලියන්න.

1)ප්‍රචලිත 2)අනතුර 3)ළපටි 4)අනුභවය 5)ප්‍රණීත


1)නූතන සිංහල අක්ෂර මාලවේ ඇති අක්ෂර ගණන කීයද ? 1. 18 2. 32 3. 60 4. 54

2)ව්‍යඤජන අක්ෂර පමණක් අඩංගු පිළිතුර

1.ක,ජ,ඨ,ප,භ 2.ක,ච,ට,ත,ප 3.ක,භ,ඵ,බ,හ 4.ඟ,ඦ,ඬ,ඳ,ඹ

3)ඉස්පිල්ල පමණක් යෙදුනු වචනය

1.පිහිටි 2.පීල්ල 3.ප්‍ර්‍ර්‍රීතිය 4.පිදුරු

4)ඒක වචන නාම පදය 1.අප 2.නුඹලා 3.සොයුරිය 4)ගස්

5)"අඩ පාලා " යන වචනයේ අර්ථය

1.හඩ නගා 2.අධික ලෙස 3.ගැඹුර 4.ලිහිල්

6)"පොරමොලා" යනුවෙන් හැදින්වූයේ

1.වැදි නායකයා 2.ගමා 3.කයිරා 4.චිචෙං

7)උත්තම පුරුෂ නාම පදය

1.මම 2.නුඹ 3.ඇතා 4.වනය

8)යහපත් ගුණධර්මයක් සදහන් පිළිතුර

1.නම් පට බැදීම 2.අලසකම 3.කෑදරකම 4.දෙමාපියන්ට ගරු කිරීම.


9)"ළපටි ගොයම් දලුත් එක්ක නටන්න මං ආසයි" මෙම කවි පදයේ විශේෂණ පදය කුමක්ද? 1.ගොයම් 2.ළපටි 3.නටන්න. 4.එක්ක.

10)ජය ලැබූ සෙබළු දෙරණ සිප ගථ. ඉරි ඇදි පදයට සමාන පදයක් ලියන්න.

11)ඔබට යහපතක් වේවා ඉහත වාක්‍යට විරාම ලකුණු යොදා නැවත ලියන්න.

පහත දැක්වෙන වාක්‍යවලට හිස්තැනට ගැලපෙන පදය වරහන් තුළින් තෝරා ලියන්න.

1............................. පෙරහැර අලංකාර කරති.(ඇත්තු/ඇතුන්) 2............................සුළගින් සෙලවෙයි.(ව්ෘක්ෂ / ව්ෘක්ෂයෝ) 3.දුම්‍ රිය සෙමෙන් ධාවනය .................................(වෙයි/වෙති) 4.මව දරුවන් .................................(රකින්නීය/රැක්කෝය) 5.මම පුවත්පත ..............................(කියෙව්වාය/කියවූවෙමි)

පහත සදහන් ප්‍රස්ථා පිරුළ සම්පූර්ණ කරන්න. දී කිරට ......................................සාක්කිලු.

පහත සදහන් වාක්‍යා සදහා සුදුසු පද වරහන් තුලින් තෝරා ලියන්න.

1.හේනේ ......................වෙත ගිය ඔහු සරුවට වැඩී තිබුණු ....................... දැක සතුටු වූවේය.(පැල/පැළ) 2.වෙහෙසට පත් වු වෙලෙන්දා ................................. බිම තබා කොස් ......................මත වාඩි විය.(කද /කඳ) 3........................................පුරා ඇවිද ගිය සමන්ගේ පාදයේ තිබූ .......................ඔහුට වේදනාකාරී විය.(වනය/වණය)


පහත සදහන් උද්ධ්ෘත ඇසුරෙන් අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

1."එකග වෙන්න ඕනෑ කාරණය මේකයි" අ)මෙම ප්‍රකාශය උපුටා ගත් ක්ෘතිය කුමක්ද? ආ)එම ක්ෘතිය සම්පාදනය කලේ කවුද?

2.උදැල්ල හ කැත්ත කරේ තබාලා සැහැල්ලුවෙන් බෝම දෙපා නගාලා ....................................... .......... ...................................... ........... ඉහත කවියේ ඉතුරු පද සම්පූර්ණ කරන්න.


පහත දැක්වෙන ජේදය කියවා අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

අප සිටියේ ගස් කොළන් තුනී වූ පෙදෙසක බැවින් පෙරට වඩා ඉක්මනින් අපට ගමන් කළ හැකි විය.පැයක් පමණ වෙලා ගමන් ගත් අපට ඉදිරියෙන් මොකක්දෝ සතකු ගොරවන හඩක් ඇසිණ.අපි තිගැස්සී ඉදිරියට නොගොස් පරිස්සම් සහිතව සිටියෙමු.හඩ නැවත නැවතත් ඇසිණ.දැන් එකෙකුගේ නොව, දෙදෙනෙකුගේ හෝ ඊට වැඩි දෙනෙකුගේ ගෙරවීම හා බිරීම වැනි බියකරු හඩක් ඇසෙන්නට විය.හඩ ඇසුණු හැටියෙන් අපට හැගුනේ ඔවුන් එකිනෙකා හා පොරකමින් සිටි බවය.ටික වේලාවක් ගත වූයේ සතුන් පොර කන හඩ දැන් ළගින්ම ඇසිණ.මොහොතකට පසු,ගස් පදුරු අතරින් දැවැන්ත වලසුන් තිදෙනෙකු ඉදිරියට එනු අපි දිටිමු.

1.මොවුන් ඉදිරියට පැමිනියේ කව්ද? 2.ඔවුන් කොපමන වේලාවක් ගමන් ගත්තේ ද? 3.ඔවුන්ට ඉක්මනින් ගමන් කිරීමට හැකියාව ලැබුනේ ඇයි? 4.ජේදයෙන් යුගල පදයක් උපුටා ලියන්න. 5.අනුක්ත පදයක් උපුටා ලියන්න.


සැකසුම:- නිශාදි කල්පනා මෙය.

ඔබ සැපයූ පිළිතුරු පහත තිබෙන අංකය වෙත viber හෝ whatsapp යොමු කරන්න.( 076 910 1061)

යොමු කරන විට ඔබගේ සම්පුර්න නම සහ ශ්‍රේණිය සදහන් කරන්න.


#6 ශ්‍රේණිය# සිංහල භාෂාව හා සාහිත්‍ය


195 views0 comments

Comments


bottom of page