top of page
Search
  • Writer's pictureDulani Anupama

සිංහල භාෂාව හා සාහිත්‍ය 7 ශ්‍රේණිය



පෙළපොත පරිශීලනය කර පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

01) 7 පාඩම (දෙව්දම් ඇදුරු එඩ්මන්ඩ් පීරිස් රදගුරු හිමි )

1) සිංහල භාෂාව හා සාහිත්‍යය පෝෂණය කිරීමට දායක වූ පූජකවරයාගේ නම කුමක්ද? 2)එම පූජකවරයා උපත ලැබූ වර්ෂය හා එතුමන්ගේ දෙමාපියන් නම් කරන්න. 3)මෙම පූජකතුමාට විවිධ භාෂා ඉගෙන ගැනීමට මාර්ගය පෙන්වූ පුද්ගලයාගේ නම හා රැකියාව කුමක්ද? 4)මෙම පූජකවරයා අයත් නිකාය කුමක්ද? 5)හලාවත දෙව් මැදුරේදී හලාවත රදගුරුතුමා ලෙස අභිෂේක ලැබුවේ කිනම් වර්ෂයේද? 6)මෙතුමාගේ චරිතයේ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණ මොනවාද? 7)එතුමා විසින් රචිත ග්‍රන්ථ 5 ක් නම් කරන්න.

02)8 පාඩම (කතා බහට සංයමයක්)

1)මෙම පාඩමෙහි සදහන් සංවාදයන් කියවා විවිධ පුද්ගලයන් සමග කතා කරන ආකාරය අධ්‍යනය කරමින් එම පාඩමට අදාළ ලිඛිත අභාසයයෙහි සදහන් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

03)9 පාඩම (තිලමුට්ඨි ජාතකය)

1)මෙම ජාතකය උපුටා ගත් ග්‍රන්ථයේ නම කුමක්ද? 2)එහි අන්තර්ගත කතා කොපමණ තිබේද? 3)මෙම ග්‍රන්ථය ලියවුණු යුගය හා එය රචනා කිරීමට ඉල්ලීමක් කළ පුද්ගලයා කව්ද? 4)මෙම කතාවේ සදහන් ප්‍රධාන චරිත නම් කරන්න. 5)මෙම ජාතකයෙන් ජීවිතයට ලැබිය හැකි ආදර්ශ මොනවාද?

04)10 පාඩම (අපේ ලෝහ තාක්ෂණයේ යටගියාව)

1)මිනිසා සත්ව ලෝකයේ සෙසු සාමාජිකයන්ගෙන් වෙනස් වන ප්‍රධාන ලක්ෂණ 2 කුමක්ද? 2)ලෝහ තනා ගන්නේ කෙසේද? 3)මිනිසා මුලින්ම භාවිතා කළ ලෝහ වර්ග මොනවාද? 4)ලෝහ මිශ්‍ර කොට සකස් කරන ලද මිශ්‍ර ලෝහ මොනවාද? 5)මෙම පාඩම සකසන ලද්දේ කිනම් පුද්ගලයෙකුගේ උපදේශකත්වය මතද?

පහත සදහන් වාක්‍ය වල අවසාන ක්‍රියාව යොදා වාක්‍ය සම්පූර්ණ කරන්න. 1.නංගී මල්........................................... 2.ගොවියෝ කුඹුර .............................. 3.අපි පොත් ............................... 4.කුරුල්ලෝ අහසේ පියාසර.................... 5.ගංගා මුහුදට ගලා .....................................

පහත සදහන් පද වලට සුදුසු විර්ද්ධ පද සොයා ලියන්න.

1.අවේලාව 2.උඩ 3.ගුණ 4.ගොනා 5.හොද 6.දුක 7.ලස්සන 8.ප්‍රශංසා 9.නම්බුව 10.වෙනස්

පහත සදහන් වාක්‍ය වල අවසාන පදය (අවසාන ක්‍රියාව )අතීත කාලයට හරවා ලියන්න. 1.නංගී මල් කඩයි. 2.බලංගොඩ යපස් මතුවෙයි. 3.අපි මිහිරි හඩින් ගී ගයමු 4.වෛද්‍යවරයා ලෙඩුන් පරික්ෂා කරයි. 5.මිනිස්සු ගස් කපති.


සැකසුම:- නිශාදි කල්පනා මෙය.

ඔබ සැපයූ පිළිතුරු පහත තිබෙන අංකය වෙත viber හෝ whatsapp යොමු කරන්න.( 076 910 1061)

යොමු කරන විට ඔබගේ සම්පුර්න නම සහ ශ්‍රේණිය සදහන් කරන්න.


#7 ශ්‍රේණිය# සිංහල භාෂාව හා සාහිත්‍ය



384 views0 comments

Comentarios


bottom of page