top of page
Search
  • Writer's pictureIsindu Wijerama

සිංහල භාෂාව හා සාහිත්‍ය 9 ශ්‍රේණිය

සැකසුම - ආචාරිණී රම්‍යා විජේරාම මිය


විශේෂණ පද - විශේෂණ පද යනු , යම් යම් නාම පදයකට හෝ ක්‍රියා පදයකට විශේෂ පදයක් එක්කර එහි අගය වෙනස් කර එයට වඩා වටිනාකමක් හෝ අඩු වටිනාකමක් ලබා දීමට යොදන පදයි. විශේෂණ පද ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදයි 1 . නාම විශේෂණ 2 . ක්‍රියා විශේෂණ නාම විශේෂණ යම් කිසි නාම පදයක යම් කිසි විශේෂ ගුණයක් දැක්වීම සඳහා යොදන පද උදාහරණ -: නිල් අහස * මෙහි "නිල්" යන පදය විශේෂණ පදය වෙයි * මෙහි "අහස" යන පදය නාම පදයයි "අහස" යන නාම පදයට "නිල්" විශේෂණ පදය යෙදූ විට "නිල් අහස" ලෙස යොදා එලෙස අහසට සුන්දරත්වයක් ලබා දී ඇත. තවත් නිදසුන් කිහිපයක් විශේෂණ පදය නාම පදය දක්ෂ සිසුවා නිල් දියවර සුන්දර රට මහල් නිවාසය සිනා හඬ යොවුන් වයස ක්‍රියා විශේෂණ පද ක්‍රියා පදයක විශේෂ ගුණයක් දැක්වීම සදහා යොදන පද උදා - සෙමින් දුවයි මෙහි "සෙමින්" යනු ක්‍රියා විශේෂන පදයයි. මෙහි "දුවයි" යන පදය ක්‍රියා පදයයි. "සෙමින්" යන විශේෂණ පදය "දුවයි" යන ක්‍රියා පදය යොදන එම ක්‍රියා පදයට විශේෂයක් ලබා දී ඇත. උදාහරණ විශේෂණ පද ක්‍රියා පද වේගයෙන් දුවයි ප්‍රවේශමෙන් කතා කරයි සතුටින් සිනාසෙයි කෝපයෙන් කෑ ගසයි මාහන්සියෙන් වැඩ කරයි අසීරුවෙන් එගොඩ වෙයි පහත දී ඇති අභ්‍යාස සියල්ලටම පිළිතුරු සපයන්න පහත දී ඇති වාක්‍ය වල විශේෂණ පදය තෝරා යටින් ඉරක් අදින්න 1. දක්ෂ සිසුවා හොදින් ඉගෙන ගන්‍යි 2. බොහෝ රටවල මිනිසුන් දරුණු කොරෝනා රෝගයට මුහුන දී ඇත. 3. පුංචි දැරියන්ගේ සිනා හඬ ඈතට ඇසුනාය 4. මම ඉතා වේගයෙන් දිව ආවෙමි 5. රියදුරා ප්‍රවේශමෙන් රිය පදවයි. 6.ළමයි සතුටින් සෙල්ලම් කරයි පහත දී ඇති නාම විශේෂණ හා ක්‍රියා විශේෂණ පද යොදන වාක්‍ය තනන්න 1. ලස්සන 2. මිහිරි 3. ගැණ අඳුර 4. පුන් පොහොය 5. ධනවත් 6. සෙමෙන් 7. කඩිසරව 8. අපරික්ෂාකාරීව 9. දුකින් 10. හොඳින්

පිළිතුරු යොමු කල යුතු ආකාරය නම - ශ්‍රේණිය - සමග පිළිතුරු සැපයූ කොලයේ පැහැදිලි පින්තූරයක් අමුනා එවන්න. ඔබගේ පිළිතුරු පහත number එකට whatsapp or Viber කරන්න. 0769101061

82 views0 comments

Comments


bottom of page