top of page
Search
  • Writer's pictureIsindu Wijerama

සිංහල භාෂාව හා සාහිත්‍ය 9 ශ්‍රේණිය

මහධන සිටුපුතුගේ වස්තුව පාඩම හොදින් කියවා පහත අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. 1.චිරත්තක සාහිත්‍යය ග්‍රන්ථ 5 නම් කරන්න. 2.සද්ධර්මරත්නාවලිය ක්ෘතියේ කතුවරයා කවුරුන්ද? 3.ශ්‍රැති ගෝචර ශෛලිය යනු කුමක්ද? 4.අසූ කෙළක් වස්තුව යනු කොපමණ ප්‍රමාණයක්ද? 5.විද්දක් කුලයක උපන් දරුවාට දෙමාපියන් ඉගැන්වූ ශිල්පය කුමක්ද? 6.කල්‍ යාමේදී මෙම සිටුපුත්‍රයාගේ ධනට දෙගුණ වූයේ කෙසේද? 7."ඉදින් මේ සිටුපුත්‍රයා නම් රා සොඩුහු" මෙසේ සිතුවේ කවුරුන්ද?

8.සිටු පුත්‍රයාගේ වස්තුව නිමවූ පසු ඔහු ඊලගට ගත් පියවර කුමක්ද? 9.සියලු වස්තුව නිමවූ පසු ඔහු කුමන තත්වයට පත් වූයේද? 10.සිටුපුත්‍රයාගේ අසූ කෙළක් වස්තුව විනාශ වූයේ ඇයි? පිළිතුර කෙටියෙන් පහදන්න. 11.මෙහිදී බුදුරජාණන් වහන්සේ සිනා පහළ කලේ ඇයි? 12.බුදුරජාණන් වහන්සේ පැවසුවේ වස්තුව විනාශ නොකර ජීවත් වුවානම් මෙම සිටු පුත්‍රයා සහ දියණිය කවර ආකාරයේ පුද්ගලයන් වන බවද? 13.මෙම කතා පුවතින් අපට ගත හැකි ආදර්ශය කුමක්ද? පහත දී ඇති වචන වල තේරුම ලියන්න. 1.රා සොඩහු 2.සමර්ථ 3.ඉක්බිති 4.සන්තක 5.අසනි පථය 6.ඇඹෙණිය 7.බිතක්කනට 8.අන්තයේ 9.ලඝු හෙයින් 10.ලොවි සැපක් 11.සෙදැහැමි 12.නිෂ්ප්‍රයෝජන 13.නිරවද්‍ය 14.නිෂ්ඵල 15.ග්‍රාමණ්‍යය


සැකසුම - ආචාරිණී රම්‍යා විජේරාම මිය

223 views0 comments

Commentaires


bottom of page