top of page

සිංහල භාෂාව හා සාහිත්‍යය 6 ශ්‍රේණිය

  • Writer: Dulani Anupama
    Dulani Anupama
  • Apr 17, 2020
  • 2 min read

සැකසුම - ආචාරිණී සදරේකා මිය

(4 පාඩම)අක්ෂර මාලාව හා පිල්ලම්

අපේ අක්ෂර මාලාවේ අක්ෂර 60 ක් තිබේ.සම්මත ක්‍රමයට එය පහත දැක්වෙන පරිදි ලියා තැබුවොත් එහි මුලටම ඇති පේළි තුනේ අක්ෂර 18 ' ස්වර ' නමින් හැදින්වේ.වෙනත් අකුරක උදව්වක් නැතුව ඒ අකුරු උච්චාරණය කරන්නට හැකිය.ඊට අමතරව ස්වර අක්ෂර පේළි තුනට යටින් දක්වා ඇති අක්ෂර සියල්ල ව්‍යඤජන නමින් හැදින්වේ.



ree

අක්ෂර මාලාව කොටස් දෙකකට බෙදේ. 1) ස්වර 2) ව්‍යඤජන සිංහල අක්ෂර මාලාවේ ඇති ස්වර අක්ෂර පහත දැක්වේ.


ree

ස්වර අකුරු ඒ රූපයෙන්ම අපට ලේඛනවලදී දක්නට ලැබෙන්නේ වචනවල මුලදී පමණි. අ-අම්මා ඌ-ඌරා ආ-ආචාර ඍ-ඍණ ඇ-ඇතා එ-එළුවා ඈ-ඈත ඒ-ඒදණ්ඩ ඉ-ඉරිදා ඓ-ඓක්‍යය ඊ-ඊයේ ඔ-ඔරලෝසුව උ-උත්තර ඕ-ඕලු ඖ-ඖෂධ


ස්වර වචනයක මැද හෝ අග යෙදෙන අවස්ථා දැකිය හැකිය.

ර් + උ - රු ඔරුව ඔ + ර් + උ + ව් + අ ද් + ඇ - දැ උදැල්ල උ + ද් + ඇ + ල් + ල් + අ ග් + ඉ - ගි ගිනි ග් + ඉ + න් + ඉ

පහත දැක්වෙන්නේ සිංහල භාෂාවේ ඇති ව්‍යඤජනයි.


ree

ස්වර තනිව උච්චාරණය කළ හැකි නමුත් ව්‍යඤජනයක් තනිව උච්චාරණය කිරීම අපහසුය.මේ අක්ෂර ස්වරයක් සමග යෙදෙන විට උච්චාරණය කිරීම පහසු වේ.

ක් + අ - ක ග් + අ - ග ච් + අ - ච ජ් + අ - ජ

සෑම ව්‍යඤජනයක්ම හල් කළ නොහැක.එසේ හල් කල නොහැකි ව්‍යඤජන පහත දැක්වේ.


ree



ree

ree






පිල්ලම්

ඉහත සදහන් කර ඇති පරිදි ස්වර අක්ෂර ව්‍යඤජන අක්ෂර සමග එකතු වීමේදී එය සංකේතවත් කෙරෙන පිල්ලම් රශියක් සිංහල භාෂාවේ දක්නට ලැබේ.ඒ පිල්ලම් මෙසේ හදුනා ගනිමු.


ree

04 පාඩම සම්බන්ධ පුනරීක්ෂණ අභ්‍යාස

1 ) පෙළ පොතේ ඇති පාඩම් වලින් ස්වර මුලට යෙදෙන වචන 10 ක් ලියන්න. 2) පහත සදහන් අක්ෂර යෙදෙන වචන දෙක බැගින් ලියන්න. ඉ , උ , ඓ, ඖ , ඍ 3)හල් කිරීම සදහා යොදා ගන්නා පිල්ලම් වර්ග 2ක් ඇත.ඒ එක් එක් පිල්ලමක් යෙදෙන වචන 4 බැගින් ලියන්න. 4)හල් කළ නොහැකි ව්‍යඤජන අක්ෂර 2 ක් ලියන්න. 5)පිල්ලම් දෙකකට වඩා භාවිතා කරමින් සංකේතවත් කරන්නේ කුමන ස්වරය ද? 6)පිල්ලමකින් සංකේතවත් නොවන ස්වරය කුමක්ද? 7)එකම ස්වරයක් සංකේතවත් කිරීමට විවිධ අකුරු වලට විවිධ පිල්ලම් භාවිතා කෙරෙන ස්වර ,පාඩමේ වගුවෙන් උපුටා ලියන්න.


පිළිතුරු යොමු කල යුතු ආකාරය නම - ශ්‍රේණිය - සමග පිළිතුරු සැපයූ කොලයේ පැහැදිලි පින්තූරයක් අමුනා එවන්න. ඔබගේ පිළිතුරු පහත number එකට whatsapp or Viber කරන්න. 0769101061

 
 
 

Comments


bottom of page