top of page
Search
  • Writer's pictureDulani Anupama

සිංහල භාෂාව හා සාහිත්‍යය 6 ශ්‍රේණිය

09 පාඩම ක්‍රියා පද හා එහි ප්‍රභේද

ක්‍රියා පද

ක්‍රියා පද යනු කිරීමක් වීමක් හෝ විදීමක් හැදින්වීමට යෙදෙන පද විශේෂයකි.

ක්‍රියා පද වර්ග 1.වචන භේදය -*ඒක වචන *බහු වචන 2.පුරුෂ භේදය -*උත්තම *මධ්‍යම *ප්‍රථම 3.කාල භේදය -*අතීත *අනතීත 4.ලිංග භේදය-*ස්ත්‍රී *පුරුෂ ක්‍රියා පද වල වචන භේදය

ඒක වචන කිසියම් වාක්‍යක ආඛ්‍යාතය හෙවත් අවසාන ක්‍රියාව ඒක වචනයෙන් ලියයි නම් එය කරන කර්ත්ෘ හෙවත් උක්තයද ඒක වචන විය යුතුයි.




අභ්‍යාසය සුදුසු ක්‍රියා පදය වරහන් තුලින් තෝරා වාක්‍ය සම්පූර්ණ කරන්න. 1.මම සෙල්ලම් ......................... 2.අපි අලුත් ලොවක් ....................... 3.නුඹ ගී.................... 4.ළමයි පොත් ......................... 5.නුඹලා පාසල් ............... ( තනමු , ගනහි , යන්නෙහු , කරමි , බලති ) ක්‍රියා පදවල කාල භේදය 1.අතීත කාල 2.අනතීත කාල - 1. වර්තමාන කාල 2. අනාගත කාල කාල භේදයට අයත් කාල තුනක් ඇත.එනම්, *අතීත කාලය *වර්තමාන කාලය *අනාගත කාලය එහෙත් අවසාන ක්‍රියා පදය ගලපා ගැනීමේදී අප අනුගමනය කරනුයේ කාල දෙකක් පමණි. 1.අතීත කාල උදා:-මම ගෙදර ගියෙමි. 2.වර්තමාන කාල උදා:-මම ගෙදර යමි. මෙහිදී ක්‍රියා පදය අනාගත වූයේ අනාගත බවක් හගවන " හෙට " යන පදය වාක්‍යය තුල තිබීම නිසාය.එම නිසා අනාගත කාලය පෙන්වීමට වෙනම ක්‍රියාපද නොමැත. 3.අනාගත කාල උදා:-මම හෙට ගෙදර යමි. වර්තමාන + අනාගත = අනතීත කාල කාල කාල අභ්‍යාසය හිස්තැනට සුදුසු අතීත ක්‍රියා පදය යොදන්න. 1.ගොවියෝ කුඹුරු වැඩවල ........................ 2.බස් රියදුරෝ නොසැලකිලකිල්ලෙන් බස් ධාවනය ................ 3.නිවාඩු කාලයේදී අපි විනෝද ගමනක් .............................................. 4.මම ක්‍රීඩා තරගයට සහභාගි ................................... 5.කම්කරුවෝ තේ පානය සදහා විසිර.............................

අනාගත කාල ක්‍රියා පද යොදා හිස්තැනත් පුරවන්න. 1.කිරි කොක්කු වැව් ඉස්මත්තේ ගස්වල ................................... 2.ඔවුහු සියලු වැඩවලට උපකාර ............................ 3.මම සියලු අභ්‍යාස වැඩ ........................... 4.අපි හෙට මගුල් ගෙදර............................... 5.කුරුල්ලෝ පියාසර .......................... ක්‍රියා පදවල ලිංග භේදය 1. පුරුෂ ලිංග 2.ස්ත්‍රී ලිංග ප්‍රථම පුරුෂ ඒක වචන උක්තයේ දී පුරුෂ ලිංග වුවත් ස්ත්‍රී ලිංග වුවත් ක්‍රියා පදය එකම ලෙසින් යෙදිය හැකිය. උදා:-පුරුෂ ලිංග - දරුවා නින්දට යයි. / ගුරුතුමා පන්තියට එයි. දැරිය නින්දට යයි. / ගුරුතුමී පන්තියට එයි. එහෙත් ස්ත්‍රී ලිංග උක්තය ප්‍රථම පුරුෂ ඒක වචනයේදී වෙනත් විදියකට ද ලිවිය හැකිය . එහිදී එම ක්‍රියා පදවල ලිංග භේදයක් පෙනේ. උදා:- මිනිසා නගරයට යන්නේය. ගැහැනිය නගරයට යන්නේය. - අනතීත- මිනිසා නගරයට ගියේය. ගැහැනිය නගරයට ගියාය. - අතීත-

එය අප්‍රානවෑක්ක්චී නම් නම් අවසාන ක්‍රියාව ඒක වචන වේ. උදා:- මම සෙල්ලම් කරමි. මල සුලගට වැනෙයි. අභ්‍යාස හිස්තැන් පුරවන්න. 1.මිනිසා ගමනක් .................... 2.සුලං හමා .......................... 3..............................පොත් කියවමි. 4.නුඹ ගීයක් .................................. 5.ගස බිමට ................................... බහු වවන අවසාන ක්‍රියාව බහු වචන නම් එය කරන කර්ත්ෘ ද බහු වචන වේ. උදා:-අපි සෙල්ලම් කරන්නෙමු. ගවයෝ තණකොළ කති. අභ්‍යාස 1.මිනිසුන් ගමනක් ............................ 2.නුඹලා ගීයක් ................................... 3.කාන්තාවෝ පොළට .......................... 4.ගුරැවරු පාඩම් ........................... 5.අපි ගෙදර ................................ ක්‍රියා පදවල පුරුෂ භේදය ‍යම් වාක්‍යයක අවසාන ක්‍රියාව කරන්නා හදුන්වන කර්ත්ෘ පදයට අදාල පුරුෂයෙක් එම වාක්‍යයේ අවසාන ක්‍රියාව ගැලපිය යුතුය. මේ අනුව ප්‍රථම පුරුෂ ස්ත්‍රී ලිංග ඒක වචන ක්‍රියාව ආකාර දෙකකට ලිවිය හැකි බව පහැදිලි වේ. අනතීත - තරුණයා ක්‍රීඩා කරයි./කරන්නේය. ( යි / ඒය ) තරුණිය ක්‍ර්‍රීඩා කරයි / කරන්නීය .(යි / න්නීය) අතීත - තරුණයා ක්‍රීඩා කලේය. ( ඒය) තරුණිය ක්‍ර්‍රීඩා කලාය. (ආය) අභ්‍යාස 1.මිතුරිය පෑනක් තෑගි ................... 2.යුෂ්මතා චෝදනාවට වැරදිකරු .................. 3.නංගි මල් ......................... 4.මව දරුවන් පෝෂණය ....................... 5.ගුරුතුමා ගීතයක් .................... 9 වන පාඩමේ අභ්‍යාසද සම්පූර්ණ කරන්න.

සැකසුම :- ආචාරිණී නිශාදි කල්පනා මිය පිළිතුරු යොමු කල යුතු ආකාරය නම - ශ්‍රේණිය - සමග පිළිතුරු සැපයූ කොලයේ පැහැදිලි පින්තූරයක් අමුනා එවන්න. ඔබගේ පිළිතුරු පහත number එකට whatsapp or Viber කරන්න. 0769101061

4,652 views0 comments

Comments


bottom of page