top of page
Search
  • Writer's pictureDulani Anupama

සිංහල භාෂාව හා සාහිත්‍යය 7 ශ්‍රේණිය

-05 පාඩම හා සම්බන්ධ වේ.-

නාම පද වල ලිංග භේදය

යම් නාම පදයකින් පණ ඇති කෙනෙක් සතෙක් හදුන්වන්නේ නම් ඒවා ' ප්‍රාණවාචී ' හෙවත් සචේතන නාම පද සේ සැලකේ.යම් නාම පදයකින් පණ නැති දෙයක් හැදින්වේ නම් ඒවා 'අචේතනික' නාම පද ලෙස සැලකේ.ඒ අනුව ප්‍රාණවාචී නාම පද අත‍රින් , පුරුෂවාචී බවක් හගවන නාම පද පුරුෂ ලිංග නාම පද ලෙසද ස්ත්‍රීවාචි බවක් හගවන නාම පද ස්ත්‍රී ලිංග නාම පද ලෙසද අප්‍රාණවාචී බවක් හගවන හෙවත් අචේතන ගණයේ නාම පද නපුංසක ලිංග නාම පද ලෙසද හදුන්වයි. නාම පද - 1. ප්‍රාණවාචී හෙවත් සචේතනික නාම පද 1. පුරුෂ ලිංග නාම පද - උදා: සේවකයා ,ගුරුවරයා,වෛද්‍යවරයා,ගිරවා 2.ස්ත්‍රී ලිංග නාම පද - උදා:නැගණිය , අම්මා, ගුරුතුමිය , නිවේදිකාව 2.අප්‍රාණවාචී නාම පද හෙවත් අචේතනික නාම පද 1.නපුංසක ලිංග නාම පද - උදා: මේසය , පුටුව , බසය , අඹ අභ්‍යාස 1)පහත ප්‍රාණවාචී ඒක වචන නාම පද බහු වචනයෙන් ලියන්න. 1.මී මැස්සා 2.ගුරුවරයා 3.ළමයා 4.ගොවියා 5.කාන්තාව 2)පහත සදහන් අප්‍රාණවාචී බහු වචන නාම පද ඒක වචනයට හරවන්න. 1.මේස 2.කූඩු 3.පත්තර 4.වැල් 5.මන්දිර 3)පහත සදහන් නාම පද ඉදිරියෙන් ඒක වචනද බහු වචන ද යන බවත් එම පද අයත් පුරුෂයත් ලියන්න. 1.මම 2.ලිපිකරුවෝ 3.ක්‍රීඩකයා 4.නුඹ 5.අපි 6.ගවයා 7.තෝ 8.රජවරු 9.වැද්දා 10.ඔහු 4)පහත වාක්‍යවල හිස්තැන් සදහා ආඛ්‍යාතයට අදාල උක්ත පද වරහන් තුලින් තෝරා ලියන්න. 1.....................ඊයේ අධ්‍යාපන චාරිකාවක් ගියෙමි. 2......................තරගයට සූදානම් වන්නෙහි. 3...............................පරිසරය පිරිසිදු කරමු. 4.................හෙට පන්සල් යන්නෙහු. 5.......................අහසේ පියාසර කරයි. 6........................සොරුන්ට බිරුවෝය. 7..........................ගම්පෙරලිය නවකතාව රචන කලේය. 8.........................සුලගට කඩා වැදුණේය. 9...........................මිතුරන් හමු වීමට ගියහ. 10......................මල් පූජා කරති. ( බල්ලෝ,මම,උපාසිකාවෝ,අපි,මාර්ටින් වික්‍රමසිංහ මහතා,නුඹ,ඔවුහු,නුඹලා,කුරුල්ලෝ,ගස්) 5)පහත සදහන් උක්ත පදවල අනුක්ත පදය නම් කරන්න. 1.ගිරවුන් 2.ආදිවාසින් 3.ගොවියෝ 4.ඔවුන් 5.පක්ෂීහු 6.දරුවා 7.සිංහයෝ 8.ගූරුවරු 9.අපි 10.හිගන්නා 11.ඔහු 12.ගායිකාව 13.ඇමතිවරුන් 14.මම 15.සිත්තරුන් සැකසුම-ආචාරිණී ජීවනී සදරේඛා මිය. පිළිතුරු යොමු කල යුතු ආකාරය නම - ශ්‍රේණිය - සමග පිළිතුරු සැපයූ කොලයේ පැහැදිලි පින්තූරයක් අමුනා එවන්න. ඔබගේ පිළිතුරු පහත number එකට whatsapp or Viber කරන්න. 0769101061

948 views0 comments

Comentarios


bottom of page