top of page
Search
  • Writer's pictureDulani Anupama

සන්නිවේදනය හා මධ්‍ය අධ්‍යනය 12 ශ්‍රේණිය

Updated: Apr 19, 2020



සාම්ප්‍රදායික මාධ්‍ය හා ජන මාධ්‍ය , නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය

සාම්ප්‍රදායික මාධ්‍ය හැදින්වීම , අන්තර්ගත ලක්ෂණ හා කාර්ය භාරය

1. සාම්ප්‍රදායික මාධ්‍ය හදුනා ගනිමු.

කාලන්තරයක් තිස්සේ ගැමි ප්‍රජාව අතර තොරතුරැ දැනුම ,විවේකය ,විනෝදය සදහා භාවිතා වන නූතනයේ දී පහසුවෙන් සපයා ගත හැකි සම්පත් උපයෝගි කරගෙන සිදු කරන සන්නිවෙදන ක්‍රම සාම්ප්‍රදායික මාධ්‍ය ලෙස අර්ථ දැක්විය හැකිය.

මේවා සාම්ප්‍රදායික සමාජ වල ප්‍රභවය ලැබ ඒවායේම ක්‍රියාත්මක වේ.එමෙන්ම කාලාන්තරයක් තිස්සේ ගැමි ජන සමාජ වල අඛන්ඩව පැවති නියත කර්තව්‍යක් නොමැති තාක්ෂණික මෙවලම් භාවිතා නොවන ගැමි සාමුහිකත්වයක් දක්නට ලැබේ.

මානව ඉතිහාසයේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ශබ්ද සංඥා,බෙර සක් හඩ , නලා වර්ග ,ද්ෘශ්‍ය සංඥා,දුම ,කොල අතු එල්ලීම ,සලකුනු තැබීම යනාදිය හරහා සන්නිවේදනය කර ඇත.ප්‍රාථමික සමාජයේ සත්ව හැඩතල කොඩිද තොරතුරු සම්ප්‍ර්‍ර්ෂණය සදහා භාවිතා කරන ලදී.සන්නිවේදනයට උපයෝගි කරගන්නා අතර එහිදී කොඩි ඔසවන ප්‍රමාණය , කොඩියේ ප්‍රමාණය අනුව අර්ථ වෙන්ස් වීම් යනාදි ආවාචික ක්‍රමයන් ඇසුරෙන් ද අදහස් හුවමාරු කර ගෙන ඇත.මෙම සම්ප්‍රදායික ක්‍රමවේද රටකින් රටකට ප්‍රදේශයකින් ප්‍රදේශයකට විවිද සංස්ක්ෘතීන් හා පරිසර සාධක මත වෙනස් වේ.

මීට අමතරව පංචේන්ද්‍රයන් ද උපයෝගි කරගනිමින් සාම්ප්‍රදායික සන්නිවේදනය සිදු වේ.සාම්ප්‍රදායික මාධ්‍යයේ දී සුරංගනා කතා,මිත්‍යා කතා,යෙදුම් , උපහැරණ කවි. සින්දු ,ජන ගායනා මෙන්ම කෙටි ක්‍රම ද භාවිතා වේ.

සාම්ප්‍රදායික මධ්‍ය අන්තර්හත ලක්ෂණ

පාරිසරික, සංස්ක්ෘතික, සමාජීය,ආගමික , යනාදී ක්ෂේත්‍ර ආශ්‍රිතව ගොඩනැගුණු සාම්ප්‍රදායික මාධ්‍ය වල විවිධ ලක්ෂණ හදුනා ගත හැකිය.මෙයට ගැමි සංස්ක්ෘතියට අදාල අරමුණු , පරමාර්ථ ,සිතුම් පැතුම් ජීවන රටා සහා රීට අදාල ආර්ථික හැකියා ආදී සාධක අයත් වේ.සාම්ප්‍රදායික සන්නිවේදනය තුල අන්තර්ගත මෙකී ලක්ෂණ පහත ආකාරයට සරල වර්ගීකරණයට ලක් කල හැකිය.

01. සරල ආක්ෘති සාමාන්‍ය ජනයාට අවබෝධ කර ගත හැකි සරල ආක්ෘති රටා වලින් සාම්ප්‍රදායික මාධ්‍ය සැකසී තිබීම මෙමගින් අදහස් කෙරේ.ගැමි ජන සමාජය හා සංස්ක්ෘතික සම්බන්ධතාව කේන්ද්‍ර කර ගනිමින් වඩාත් සංකීර්ණ නොවූ පහසුවෙන් සපයා ගත හැකි සම්පත් වලින් ගොඩනගා ගත් සරල ආක්ෘති සාම්ප්‍රදායික මධ්‍ය වල දක්නට ලැබේ.එහිදී පරිසරය මූලික කර ගත් සාම්ප්‍රදායික සන්නිවේදන රටාවන්ට අනුව සාම්ප්‍රදායික මාධ්‍ය බිහි කර තිබීම දක්නට ලැබේ. 02.තේමා අන්තර්ගතය සාම්ප්‍රදායික මාධ්‍ය වලදී එය ඉදිරිපත් කරන අරමුණට ගැලපෙන සේ අන්තර්ගතය සකස් කර ගත යුතුය.මෙම අරමුණු අතර රෝහ වලින් ආරක්ෂා වීම ,භව භෝග ආරක්ෂා කිරීම , විශ්වාසයන්,විනෝදය,විශ්‍රාන්තිය,භාව ප්‍රකාශන මේ අතර වේ. 03.නම්‍යශීලි බව අවස්ථාව හා අවශ්‍යතාවයට ගැලපෙන ආකාරයෙන් සන්දේශය පහසුවෙන් සකස් කර ගත හැකි වීම මින් අදහස් කෙරේ. 04.සංස්ක්ෘතික සම්බන්ධය සාම්ප්‍රදායික සන්නිවේදන විධි ක්‍රම ගොඩනැගී තිබෙන්නෙ මෙම සංස්ක්ෘතික බැදීමෙහි ප්‍රතිඵල ලෙසය.සංස්ක්ෘතික සන්දර්භය යන්නෙහි අදහස චාරිත්‍ර වරිත්‍ර ,ඇදහිලි විශ්වාස , කලාව ,දැනුම යනාදී මානවයාගේ සංස්ක්ෘතික අංගයන් සාම්ප්‍රදායික මධ්‍ය උපයෝගි කරගන්නා ආකාරය මෙමගින් පැහැදිලි කරගත හැකිය.ව්ෘතීන් අනුව , අවස්ථාව අනුව ( විනෝදජනක / ශාන්තිකර්ම )සාම්ප්‍රදායික සංස්ක්ෘතික සන්දර්භය වෙනස් වේ. 05.පිරිවැය අවම වීම සාම්ප්‍රදායික මධ්‍ය නූතනය මෙන් නොව පරිසරයෙන් ලබා ගන්නා විදි ක්‍රම උපයෝගි කර අදහස් හුවමාරු කිරීමත් සිදු කරන බැවින් එය සාපේක්ෂව අවම පිරිවැයකින් සන්නිවේදනය කල හැකි ක්‍රම වේදයන්ගෙන් ගොඩනැගී තිබේ.

06.පහසුවෙන් සපයා ගත හැකි සම්පත් උපයෝගි කර ගැනීම සම්ප්‍රදායික විධි ක්‍රම වලදී මානවයා තම පරිසරයෙන් ලබා ගන්නා අමුද්‍රව්‍ය උපයෝගි කරගෙන අදහස් හුවමරු කර ගැනීම මෙමගින් අදගස් කරයි.ශාන්ති කර්ම හා යාතු කර්මා වලදී මෙන්ම ගැමි නාටක වල උපයෝගි කර ගන්නා වේශ නිරූපණය යනාදී අවස්ථාවල උපකරණ ,සැරසිලි ,වෙස්මූනූ උපයෝගි කරගනු ලබන්නේ පහසුවෙන් සපයා ගත හැකි සම්පත් වේ.

2. ප්‍රාථමික සන්නිවේදන විදි ක්‍රම හා සාම්ප්‍රදායික මාධ්‍ය

සාම්ප්‍රදායික සන්නිවේදනයට ප්‍රාථමික මිනිසා විවිධාකාර විදි ක්‍රම උපයෝගි කරගෙන තිබේ.ඒ අතර හූව , දුම ,කොඩි , වර්ණ , කොල අතු එල්ලීම ආදිය භාවිතා කර ඇත.පරිසරය හා මිනිසා අතර පැවති අන්‍යෝන්‍ය සබදතාව මෙමගින් විදහා පායි.තම අවශ්‍යතා උදවු උපකාර මෙන්ම හැගීම් දැනීම් ප්‍රකාශනයට මෙමගින් මානවයාට හැකි සාම්ප්‍රදායික මධ්‍ය විධි ක්‍රම කිහිපයක් පහත දැක්වේ.

01.ජනකවි ජන ජීවිත අවශ්‍යතාව මත ජන කවි බිහි වී ඇත.ජනකවි ගැමි ජනතාව අතරේම ආරක්ෂා වී එන නිර්මාණකරුවා කවුරුන්දැයි නොදන්නා කාව්‍ය විශේෂයකි .ගැමි ජනයාගේ ජීවන ද්ෘෂ්ඨිය ඇදහිලි , විශ්වාස , අවශ්‍යතා , දුක් වේදනා ,සිතුම් පැතුම් මෙමගින් සන්නිවේදනය කරයි.පරිසරය , ජීවිතය හා අත්දැකීම් ඇසූරු කරගෙන පණිවිඩ යැවීම මෙන්ම ප්‍රතිපෝෂණ ලබා ගැනීම හරහා ජනකවි ප්‍රාථමික මිනිසාගේ සන්නිවේදන අවශ්‍යතා සපුරයි.එමෙන්ම ජනකවි අධ්‍යනය කිරීමෙන් සමාජ, ආර්ථික , සංස්ක්ෘතික ,ආගමික තොරතුරු හෙලි දරවු කර ගත හැකිය.මෙහිදී සාම්ප්‍රදායික සන්නිවේදන විධි ක්‍රමයක් ලෙස ජනකවි වල දක්නට ලැබෙන ලක්ෂණ කීපයකි. 1.මුඛ පරම්පරාගතව පැමිනීම. 2.සාමන්‍ය මිනිසුන්ගෙ ජීවන රටාවට ගැලපෙන සරල බස් වහරක් භාවිතය. 3.නිර්මාණකරුවා කවුරුන්දැයි නොදැනීම. 4.විශාල ප්‍රදේශයක පැතිර පැවතීම.- ග්‍රාමීය ප්‍රාදේශීය ජන අවශ්‍යතාවලට නිර්මාණය වී තිබේ.පුලුල් පැතිර යාමක් නිර්මාණය කල හැකිය .ප්‍රතිනිර්මාණය , ප්‍රතිඋත්පාදන ලක්ෂණ වලින් සමන්විතය. 5.දීර්ඝ කාලයක් මුලුල්ලේම මිනිසුන් අතර ජනශ්ෘතියක් ලෙස පැවතීම. අව්‍යාජත්වය ,සරලත්වය .සංක්ෂිප්තභාවය , සංයමය ,කතා ව්‍යවහාර ලක්ෂණ ,ශබ්ධ රටා පොදු ජනයාගේ සිතුම් පැතුම් වලට සමීප වචන කෝෂය හේතුවෙන් ජනකවිය සාම්ප්‍රදායික සන්නිවේදනයේ සුවිශේෂි වී ඇත.මෙහිදී විවිධ ජනකවි වර්ග හදුනා ගත හැකිය. උදා:- දරු නැලවිලි . ගොයම් කවි, කමත් කවි,පාරු කවි,නෙලුම් කවි, තහංචි කවි , රබන් කවි,ටීකා සිවුපද ,තෙතගු කවි


02.ජනකතා මුඛ පරම්පරාගතව මානව අත්දැකීම් හා උපදේශන ලබා දීමේ සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රමයක් ලෙස මෙය ගොඩනැගිණි.ජනකතාවල පවත්නා විශ්ව විභජන ඥාන උල්පත ලෙස සැලකෙන්නේ ආඥාවේදය හෙවත් ව්ෘතාන්තවේදයයි.චින්තානව ග්‍රාහකයා තුල අභිප්‍රේරණයක් ඇති කරයි.ජනකතාවේ විව්ධ වර්ග ඇත.උත්පත්ති කතා , සත්ව කතා , දේව කතා , ව්ෘක්ෂ ලතා කතා ,ආශ්චර්‍ය කතා ,අත්භූත කතා,හාස්‍යෝත්පාදක කතා ආදී වශ‍යෙන් වර්ග වලට බෙදිය හැකිය.ජනකතාවල දක්නට ලැබෙන තවත් ලක්ෂණයක් වනුයේ සමාජීය නුවනක් රීට අන්තර්ගතව තිබීමයි. එමෙන්ම ජනකතාවල ප්‍රාදේශීය වාග්ව්‍යවහාරය හදුනා ගත හැකිය.මෙම සාම්ප්‍රදායික සන්නිවේදන විධි ක්‍රමයක් ලෙස ප්‍රබල වන්නේ ගැමි ජනතාවගේ ආර්ථික , ආගමික ,සංස්ක්ෘතික ක්‍රයාකාරම් හුවමාරු කිරීම නිසාය.එමෙන්ම ප්‍රබල මානසික ත්ෘප්තියක් ලබා දීමටද මෙමගින් හැකියාව ලැබේ.දැනුම හුවමාරු කිරීම් ක්‍රම වේදයක් ලෙස ද මෙය වැදගත් වේ..

03.ශාන්ති කර්ම හා යාතු කර්ම සාම්ප්‍රදායික සන්නිවේදනය සදහා උපයෝගි කර ගත හැකි තවත් සුවිශේෂි විදි ක්‍රමයක් ලෙස ශාන්ති කර්ම , යාතු කර්ම හදුනා ගත හැකිය .කොහොඹා කංකාරිය ,වලියක් මංගල්‍යය,කඩවර කංකාරිය ,බලි ශාන්ති කර්මය ආදිය හදුනා ගත හැකිය .මෙමගින් අපේක්ෂා කරන්නේ ගොවිතැන් කටයුතු සාර්ථක කර ගැනිම ,පැපොල සරම්ප වැනි බෝවන රෝග වලින් හා අපල උපද්‍රවලින් අත්මිදීම ,විනෝදාර්ථ අපේක්ෂාව මෙමගින් සිදුවේ.මේවාහි රූපනය , සංවාද හා අභිනයන් භාවිතයෙන් සන්නිවේදනය සිදු කෙරේ.හින්දු සංස්ක්ෘතියට අනුගතව වඩිටෝඩි,තෙලිටෝඩි ,කාමන්කොත්තු , නාටුකන්තු,තෙලික්කුත්තු වැනි විවිධ ශාන්ති කර්ම භාවිතා කරන බව විද්‍යාමාන වේ. එසේම මෙය සශ්‍රීකතව වර්ධන ශාන්තිකර්මයකි.

04.ගැමි නටක ගැමි නටක යනු කිසියම් කතා පුවතක් හෝ කතා පුවත් කීපයකින් සෑදුම් ලද්දා වූ කලා අංගයක් ලෙස හදුන්වා දිය හැකිය.නිදසුන් ලෙස කෝලම් , සොකරි , රූකඩ ආදිය නම් කල හැකිය. ගැමි නාටක විශයෙහි උඩරට ප්‍රදේශවල පත්තිනි දේවතාව මූලික කරගෙන පවත්වනු ලබන සොකරි ජන නාටකයන් ,පහතරට ප්‍රදේශවල පවත්වන කෝලම් ජන නාටකයන් මෙන්ම නාඩගම් මුඛ්‍ය වේ.භව භෝග විනාශ වීමට අදාල ලෙඩ රෝග වසංගත හා පලිබෝද හානි ආදියෙන් සිදු වන විනාශයෙන් ඒවා ආරක්ශා කර ගැනීමට මිනිසුන්ට වැලදෙන ව්‍යාධි වසංගත හා අපල උපද්‍රවලින් ආරක්ශා වීම සොකරි ගැමි නාටකයෙන් අපේක්ෂා කරයි. සොකරි නාට්‍යය රග දක්වන්නේ ගොයම් පාගා අවසන් වූ විට කමත රංග භූමිය කොට ගෙනය.මෙය ගම්මුන් විවේක ගන්නා කාලය වන බැව්න් වටකුරු කමත රගමඩලක් කොට ගෙන සොකරි නාටකයෙන් විනෝදාස්වාදය ලබා ගැනීම සුවිශේෂ වේ. මීට අමතරව කෝලම් හෙවත් වෙස්මූණු නාටක ද ගැමි නාටක විශයෙහි ප්‍රධාන වේ.මෙය වෙස් මූනු නාටක ලෙස දක්වන්නේ ලීයෙන් සාදන ලද වර්නවත් වෙස් මූනු පැලදීම නිසාය. කෝලම් යන වචනය දෙමළ ශබ්දයක් වන අතර එහි මුල් තේරුම නලුවකු විසින් පලදින ලද වේශය යන්නයි.සිංහලෙහි කෝලම් යන වචනය ඇත්තේ ආරූඩ කර ගන්නා විලාසය යන්නයි. කවි කීම හා හිටිවන සංවාද මෙහිදී මධ්‍ය ලෙස උපයෝගි කර ගනී.මෙහිදී සම්පූර්ණ නාටක වශයෙන් හදුන්වන කතා රග දැක්වීමක් සිදු කරයි.සදකිදුරු කතාව, ගෝඨයිම්භර කතාව ,මනමේ කතාව ගම කතාව ආදිය නිදසුන් ය.කෝලම් යනු විනෝදය පිණිස කරන්නක් යැයි වචනාර්ථයෙන් පැවසුවද ගර්භිණීන් සදහා පැවත්වූ අභිචාර ක්‍රමයක් ලෙසත් සශ්‍රීකත්වය පරමාර්ථ කොට ගන්නක් ලෙස ත් හදුනා ගත හැකිය.


3.සාම්ප්‍රදායික සන්නිවේදනයේ වැදගත්කම

1) විනෝද්වාස්වාදයට යොදා ගත හැකි වීම ගැමි ජනතාව තම විනෝදය සදහා සාම්ප්‍රදායික මධ්‍ය උපයෝගි කරගෙන ඇත.අස්වනු නෙලීමත් සමග තම කාන්සිය , මහන්සිය නිවා ගැනීමට සාම්ප්‍රදායික සන්නිවේදනයන් භාවිතා කොට තිබේ. 2)හැගීම් පල කිරීම සිතෙහි ගොඩ නැගුනු දුක් දොම්නස් ,සතුට යනාදී මනෝභාවයන් ප්‍රකාශනයේදී තොරතුරු හුවමාරු කිරීමට භාවිතා කරන විධි ක්‍රමයක් ලෙස සාම්ප්‍රදායික මධ්‍ය උපයෝගි කර ගැනේ. 3)උපදේශාත්මක සන්දේශ ජනනය කල හැකි වීම ආගමික , සාරධර්ම , සංස්ක්ෘතික වටිනාකම් ඇතුලු සෞඛ්‍ය , අධ්‍යාපනය ,විවිධ ජීවන අත්දැකීම් හුවමාරු කිරීම සදහා භාවිතා කර ඇත. 4)සංස්ක්ෘතික අංග හුවමාරු කිරීමට හැකි වීම. ඇදහිලි , විශ්වාස , චාරිත්‍ර වාරිත්‍ර කලාව ,දැනුම ,නීති රීති ,සිරිත් විරිත් යනාදිය සාම්ප්‍රදායික මාධ්‍ය පරම්පරාවෙන් පරම්පරාවට හුවමාරු කල හැකිය. 5)දැනුම් ඉගෙනුම් සම්පාදනය වැඩිහිටි පරම්පරාවෙන් බාල පරම්පරාවට අවශ්‍ය සාමාජික දැනුම ලබා දීම සිදු වේ. සාම්ප්‍රදායික විධි ක්‍රම භාවිතයෙන් තම පරිසරයෙන් ලබා ගන්නා අමුද්‍රව්‍ය උපයෝගි කරගෙන අදහස් හුවමාරු කරගැනීම මෙමගින් අදහස් කරයි.


සැකසුම : ආචාරිණී යූ .ජී.සහබන්ධු මිය


#සන්නිවේදනය හා මධ්‍ය අධ්‍යනය #12 ශ්‍රේණිය

23 views0 comments

Comments


bottom of page