
My Items
I'm a title. Click here to edit me.
සිංහල භාෂාව හා සාහිත්‍ය 9 ශ්‍රේණිය
මහධන සිටුපුතුගේ වස්තුව පාඩම හොදින් කියවා පහත අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න.
1.චිරත්තක සාහිත්‍යය ග්‍රන්ථ 5 නම් කරන්න.
2.සද්ධර්මරත්නාවලිය ක්ෘතියේ කතුවරයා කවුරුන්ද?
3.ශ්‍රැති ගෝචර ශෛලිය යනු කුමක්ද?
4.අසූ කෙළක් වස්තුව යනු කොපමණ ප්‍රමාණයක්ද?
5.විද්දක් කුලයක උපන් දරුවාට දෙමාපියන් ඉගැන්වූ ශිල්පය කුමක්ද?
6.කල් යාමේදී මෙම සිටුපුත්‍රයාගේ ධනට දෙගුණ වූයේ කෙසේද?
7."ඉදින් මේ සිටුපුත්‍රයා නම් රා සොඩුහු" මෙසේ සිතුවේ කවුරුන්ද? 8.සිටු පුත්‍රයාගේ වස්තුව නිමවූ පසු ඔහු ඊලගට ගත් පියවර කුමක්ද?
9.සියලු වස්තුව නිමවූ පසු ඔහු කුමන තත්වයට පත් වූයේද?
10.සිටුපුත්‍රයාගේ අසූ කෙළක් වස්තුව විනාශ වූයේ ඇයි? පිළිතුර කෙටියෙන් පහදන්න.
11.මෙහිදී බුදුරජාණන් වහන්සේ සිනා පහළ කලේ ඇයි?
12.බුදුරජාණන් වහන්සේ පැවසුවේ වස්තුව විනාශ නොකර ජීවත් වුවානම් මෙම සිටු පුත්‍රයා සහ දියණිය කවර
ආකාරයේ පුද්ගලයන් වන බවද?
13.මෙම කතා පුවතින් අපට ගත හැකි ආදර්ශය කුමක්ද?
පහත දී ඇති වචන වල තේරුම ලියන්න.
1.රා සොඩහු
2.සමර්ථ
3.ඉක්බිති
4.සන්තක
5.අසනි පථය
6.ඇඹෙණිය
7.බිතක්කනට
8.අන්තයේ
9.ලඝු හෙයින්
10.ලොවි සැපක්
11.සෙදැහැමි
12.නිෂ්ප්‍රයෝජන
13.නිරවද්‍ය
14.නිෂ්ඵල
15.ග්‍රාමණ්‍යය සැකසුම - ආචාරිණී රම්‍යා විජේරාම මිය
සිංහල භාෂාව හා සාහිත්‍ය 9 ශ්‍රේණිය
සැකසුම - ආචාරිණී රම්‍යා විජේරාම මිය විශේෂණ පද - විශේෂණ පද යනු , යම් යම් නාම පදයකට හෝ ක්‍රියා පදයකට විශේෂ පදයක් එක්කර එහි අගය වෙනස් කර එයට වඩා වටිනාකමක් හෝ අඩු වටිනාකමක් ලබා දීමට යොදන පදයි.
විශේෂණ පද ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදයි
1 . නාම විශේෂණ
2 . ක්‍රියා විශේෂණ
නාම විශේෂණ
යම් කිසි නාම පදයක යම් කිසි විශේෂ ගුණයක් දැක්වීම සඳහා යොදන පද
උදාහරණ -: නිල් අහස
* මෙහි "නිල්" යන පදය විශේෂණ පදය වෙයි
* මෙහි "අහස" යන පදය නාම පදයයි
"අහස" යන නාම පදයට "නිල්" විශේෂණ පදය යෙදූ විට "නිල් අහස" ලෙස යොදා එලෙස අහසට සුන්දරත්වයක් ලබා දී ඇත.
තවත් නිදසුන් කිහිපයක්
විශේෂණ පදය නාම පදය
දක්ෂ සිසුවා
නිල් දියවර
සුන්දර රට
මහල් නිවාසය
සිනා හඬ
යොවුන් වයස
ක්‍රියා විශේෂණ පද
ක්‍රියා පදයක විශේෂ ගුණයක් දැක්වීම සදහා යොදන පද
උදා - සෙමින් දුවයි
මෙහි "සෙමින්" යනු ක්‍රියා විශේෂන පදයයි.
මෙහි "දුවයි" යන පදය ක්‍රියා පදයයි.
"සෙමින්" යන විශේෂණ පදය "දුවයි" යන ක්‍රියා පදය යොදන එම ක්‍රියා පදයට විශේෂයක් ලබා දී ඇත.
උදාහරණ
විශේෂණ පද ක්‍රියා පද
වේගයෙන් දුවයි
ප්‍රවේශමෙන් කතා කරයි
සතුටින් සිනාසෙයි
කෝපයෙන් කෑ ගසයි
මාහන්සියෙන් වැඩ කරයි
අසීරුවෙන් එගොඩ වෙයි
පහත දී ඇති අභ්‍යාස සියල්ලටම පිළිතුරු සපයන්න
පහත දී ඇති වාක්‍ය වල විශේෂණ පදය තෝරා යටින් ඉරක් අදින්න
1. දක්ෂ සිසුවා හොදින් ඉගෙන ගන්‍යි
2. බොහෝ රටවල මිනිසුන් දරුණු කොරෝනා රෝගයට මුහුන දී ඇත.
3. පුංචි දැරියන්ගේ සිනා හඬ ඈතට ඇසුනාය
4. මම ඉතා වේගයෙන් දිව ආවෙමි
5. රියදුරා ප්‍රවේශමෙන් රිය පදවයි.
6.ළමයි සතුටින් සෙල්ලම් කරයි
පහත දී ඇති නාම විශේෂණ හා ක්‍රියා විශේෂණ පද යොදන වාක්‍ය තනන්න
1. ලස්සන
2. මිහිරි
3. ගැණ අඳුර
4. පුන් පොහොය
5. ධනවත්
6. සෙමෙන්
7. කඩිසරව
8. අපරික්ෂාකාරීව
9. දුකින්
10. හොඳින් පිළිතුරු යොමු කල යුතු ආකාරය
නම -
ශ්‍රේණිය -
සමග පිළිතුරු සැපයූ කොලයේ පැහැදිලි පින්තූරයක් අමුනා එවන්න.
ඔබගේ පිළිතුරු පහත number එකට whatsapp or Viber කරන්න.
0769101061
සෞඛ්‍ය හා ශාරිරික අධ්‍යාපනය 7 ශ්‍රේණිය
සෞඛ්‍යවත් ආහාර (පාඩම ඉතිරි කොටස )
ක්ෂුද්‍ර පෝෂක
දෛනිකව ශරීරයට ක්ෂුද්‍ර පෝෂක කුඩා ප්‍රමානයෙන් අවශ්‍ය වේ.ක්ෂුද්‍ර පෝෂක අපට ලැබෙන්නේ එලවලු,පලතුරු,පලවර්ග ,පියලි ආහර,සත්වමය ආහාර ආදියෙනි.
ක්ෂුද්‍ර පෝෂක - විටමින් , ඛනිජ ලවන
විටමින් , ඛනිජ ලවන අඩංගු අහාර හදුනා ගැනීමට හා එහි කාර්‍යයන් හදුනාගැනීමට පිටු අංක 84 හා 85 අඩංගු වගුව කියවා අධ්‍යනය කරන්න.
(9.2 හා 9.3 වගුව)
තන්තු බහුල ආහාර ආහාරමය තන්තු යනු අපි ගන්නා ආහාරවල අඩංගු නමුත් ජීරණයට ලක් නොවන සංඝටකයකි.
තන්තු බහුල ආහාර කාණ්ඩ-
කුරුට්ට සහිත ධාන්‍ය
පලා,පලතුරු,එලවලු,පලතුරු වර්ග
කජු,රටකජු වැනි ඇට වර්ග
පියලි ධාන්‍ය වර්ග උදා:- සෝයා , කඩල , කව්පි, මුං,පරිප්පු
ආහාර වර්ග අනුවද ආහාරය සාදා ගන්නා ස්වාභාවය අනුවද ඒවායේ අඩංගු තන්තු ප්‍රමානය වෙනස් වේ.
උදා:- අඹ කෑලි වල - තන්තු වැඩිය
අඹ බීම වල - තන්තු අඩුය.
ප්‍රශ්න
1.විටමින් A වලින් ඇති ප්‍රයෝජන මොනවාද?
2.විටමින් D ස්වාභාවිකව ලබා ගත හැක්කේ කෙසේද?
3.කැල්සියම් හා පොස්පරස් වලින් ලැබෙන ප්‍රයෝජන මොනවාද?
4.යකඩ ප්‍රධාන වශයෙන් වෙන්කල හැකි කාණ්ඩ මොනවාද?
5.යකඩ වලින් ලැබෙන ප්‍රයෝජන මොනවාද?
6.තන්තු ආහාරයට එක්කර ගැනීමෙන් ලැබෙන වාසි මොනවාද?
ජලය
ජලය යනු ශරිරයට අත්‍යාවශ්‍ය සංඝටකයකි.බීමට සුදුසු ජලයෙහි PH අගය 6.6-7 අතර වේ.අපිරිසිදු ජලය භාවිතයෙන් , කොලරාව , පාචනය , සෙංගමාලය , උණසන්නිපාතය වැනි රෝග ඇතිවේ.දිනකට සාමාන්‍ය පුද්ගලයෙකුට ජලය ලීටර් 1.5 - 2.0 අතර අවශ්‍ය වේ.( වීදුරු 7/8 ක් පමණ)
දෛනික ජල අවශ්‍යතාවය ලීටර් = ශරීරයේ බර / 30
ජලය , ජලය ලෙසටම පමනක් නොව විවිධ ආහරයෙන් ශරීරයට ලබා ගනී.
ප්‍රශ්න
පිටු අංක 88 හා 89 කියවා ප්‍රශ්න වලට පිලිතුරු සපයන්න.
1.ජලය අපට අවශ්‍ය වන්නේ ඇයි?
2.ශරීරයට ජලය ලැබෙන ක්‍රම මොනවාද?
3.ශරීරයෙන් ජලය පිටවන ක්‍රම මොනවාද?
සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය 11 ශ්‍රේණිය A , B
නිවැරදි ඉරියව් සදහා ජීව යාන්ත්‍ර මූල ධර්ම හදුනා ගනිමු.
1.නිවැරදි ඉරියවක් යනු කුමක්ද?
2.ඉරියව්වක ප්‍රධාන කොටස් දෙක උදාහරණ සහිතව නම් කරන්න.
3.ඉරියව් සදහා බලපාන ජීව යාන්ත්‍රන මූල ධර්මය නම් කරන්න.
4.එම මූලධර්ම 6 නිර්වචනය කරන්න.
5.එයට අදාල උදාහරනද වෙන වෙනම ලියන්න.
6.පැනීමේ ක්‍රීඩකයෙකු පනින ලද උස හා දුර තීරණය වන සාධක මොනවාද?
7.දුර පනින ක්‍රීඩකයෙකුගේ නික්මීමේ අවස්ථාවේ සිට පතිත වීම දක්වා ඔහුගේ ගුරුත්ව කේන්ද්‍රය ගමන් මග ඇද දක්වන්න.
8.විවිධ ශාරිරික ඉරියව් වලදී සමබරතාවය පවත්වා ගැනීමට ඉවහල් වන සාධක මොනවාද? සැකසුම-ආචාරිනී දීපා නාමනී මිය
පිළිතුරු යොමු කල යුතු ආකාරය
නම -
ශ්‍රේණිය -
සමග පිළිතුරු සැපයූ කොලයේ පැහැදිලි පින්තූරයක් අමුනා එවන්න.
ඔබගේ පිළිතුරු පහත number එකට whatsapp or Viber කරන්න.
0769101061
සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය 10 ශ්‍රේණිය C , D
නිවැරදි ඉරියව් පවත්වා ගනිමු.
1.නිවැරදි ඉරියවක් යනු කුමක්ද?
2.නිවැරදි ඉරියවක තිබිය යුතු ලක්ෂන මොනවාද?
3.ඉරියව් සදහා බලපාන ජීව යාන්ත්‍රන මූල ධර්ම අතුරින් ගුරුත්ව කේන්ද්‍රය හා සමබරතාව නිර්වචනය කරන්න.
4.විවිධ ශාරිරික ඉරියව් වලදී සමබරතාවය පවත්වා ගැනීමට ඉවහල් වන සාධක මොනවාද?
5.සිට ගෙන සිටින විටදී ගුරුත්ව කේන්ද්‍රය සාමන්‍ය පරිදි පිහිටා තිබුනද විවිධ ඉරියව් වලදී පිහිටීම තාවකාලිකව වෙනස් වේ.එම අවස්ථා කීප්‍යක් නිඅසුන් ලෙස දක්වන්න.
6.නිවැරදි ලෙස සිට ගැනීම හා වාඩි වීමේදී ඉරියව්වක තිබිය යුතු ලක්සණ ලියන්න.
7.පැනීම හා විසිකිරීමේදී ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම රූප සටහන් ඇසුරෙන් විස්තර කරන්න. සැකසුම-ආචාරිනී දීපා නාමනී මිය
පිළිතුරු යොමු කල යුතු ආකාරය
නම -
ශ්‍රේණිය -
සමග පිළිතුරු සැපයූ කොලයේ පැහැදිලි පින්තූරයක් අමුනා එවන්න.
ඔබගේ පිළිතුරු පහත number එකට whatsapp or Viber කරන්න.
0769101061

සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය 9 ශ්‍රේණිය A , B , C
ආත්ම සාක්ෂාත්කරණයට ලගා වෙමු.
අප තුල පවත්නා නිර්මාණශීලී කුසලතා වලින් තමා අපේක්ෂිත ඉලක්කය කරා ලගා වී,සමාජයට උපරිම ලෙස සේවය කරමින් ත්ෘප්තිමත් , නිවැරදි හා සැනසිලිදායක ජීවිතයක් ගත කිරීම ආත්ම සාක්ෂාත්කරණය යයි.
ඒබ්‍රහම් මාස්ලෝ නම් මානව විද්‍යාඥයා කිසියම් අනුපිලිවෙලකට මානව අවශ්‍යතා පෙල ගස්වා ඇති අයුරු , 1.ඔබ පන්තියේ විවිධ දක්ෂතා ඇති අයගේ නාම ලේඛනයක් සකසන්න.
2.ආත්ම සාක්ෂාත්කරණයට ලගා වීමට නම් තමා සතු විය යුතු ගුණාංග ලියන්න.
3.අප රටේ ආත්ම සාක්ෂාත්කරණයට පත් වූ ශ්‍රේෂ්ට පුද්ගලයන්ගෙ නම් ලයිස්තුවක් සකසන්න.
4.ලොව ප්‍රකට ආත්ම සාක්ෂාත්කරණයට පත් වූ ශ්‍රේෂ්ට පුද්ගලයන්ගෙ නම් ලයිස්තුවක් සකසන්න.
5.ඔබ ආත්ම සාක්ෂාත්කරණයට පත් වන්නට නම් ඔබ තුල තිබිය යුතු ගුනාඔග මොනවාද? සැකසුම-ආචාරිනී දීපා නාමනී මිය
පිළිතුරු යොමු කල යුතු ආකාරය
නම -
ශ්‍රේණිය -
සමග පිළිතුරු සැපයූ කොලයේ පැහැදිලි පින්තූරයක් අමුනා එවන්න.
ඔබගේ පිළිතුරු පහත number එකට whatsapp or Viber කරන්න.
0769101061
8 ශ්‍රේණිය ගණිතය
සාධක 7 වන පාඩම
සංඛ්‍යා කීපයක මහා පොදු සාධකය සෙවීම මතක් කර ගමු.
12,18,30 හි මහා පොදු සාධකය සොයමු.
12= 2 *2*3
18=2*3*3
30=2*3*5
ම.පො.ස= 2*3
=6
වීජීය පද කීපයක මහා පොදු සාධකය පෙවීම
උදා:- 1)2a,8a,4ab 2)7xy,14xyr,28xyt
2a = 2*a 7xy=7*x*y
8a = 2*2*2*a 14xyr=2*7*x*y*r
4ab=2*2*a*b 28xyt=2*2*7*x*y*t
ම.පො.ස = 2*a ම.පො.ස=7*x*y
=2a =7xy
7.1 අභ්‍යාසය
වීජීය ප්‍රකාශනයක් එකී සාධකවල ගුණිතයක් ලෙස ලිවීම
උදා:- 1) 5x + 10 ප්‍රකාශනය ගුණිතයක් ලෙස ලියමු.
5x + 10 =5*x + 5*2
=5( x+10 ); (5 යන සංඛ්‍යාව පද දෙකටම පොදු වේ.)
2) 9a + 3ab ප්‍රකාශනය ගුණිතයක් ලෙස ලියමු.
9a = 3*3*a
36b=2*2*3*3*b
ම.පො.ස=3*3=9
9a+36b = 9*a + 9 *4b
= 9(a + 4b)
3) 12a + 8b + 20c ප්‍රකාශනය ගුණිතයක් ලෙස ලියමු.
12a= 2*2*3*a
8b=2*2*2*b
20c=2*2*5*c
ම.පො.ස=2*2
=4
12a + 8b +20c = 4*3a+4*2b + 4*5c
= 4( 3a + 2b + 5c )
4) 3a + 6ab ප්‍රකාශනය ගුණිතයක් ලෙස ලියමු.
3a = 3*a
6ab = 2*3*a*b
ම.පො.ස=3*a
=3a
3a + 6ab = 3a *1 + 3a*2b
=3a ( 1 + 2b )
5) 3x*x - 6xy + 9xy*y
=3x*x - 3x*2y + 3x * 3y*y
=3x ( x - 2y + 3y*y)
පෙළ පොතේ දී ඇති උදාහරණද අධ්‍යනය කරන්න.
7.2 අභ්‍යාසය
7.3 අභ්‍යාසය
7.4 අභ්‍යාසය සැකසුම-ආචාරිනී සුජීවා අරුණකාන්ති මිය පිළිතුරු යොමු කල යුතු ආකාරය නම - ශ්‍රේණිය - සමග පිළිතුරු සැපයූ කොලයේ පැහැදිලි පින්තූරයක් අමුනා එවන්න. ඔබගේ පිළිතුරු පහත number එකට whatsapp or Viber කරන්න. 0769101061

ක්ෘෂිකර්මය 7 ශ්‍රේණිය
කාබනික පොහොර
කාබනික පොහොර යනු ශාක හෝ සත්ව කොටස් වලින් සෑදී ජීරණය හෝ වියෝජනය වී ශාකයක වර්ධනයට පෝෂක සපයන ද්‍රව්‍ය වේ.
මේ සදහා බහුලව මුලුතැන්ගෙය , ගොවිපල , වලින් ඉවත දමන ඉතිරි වන කාබනික ද්‍රව්‍ය භාවිතා කල හැක.ගොවීන් මේවා භාවිතා කිරීම නිසා පරිසරය පිටිසිදු වීම , වැසි මදුරු උවදුරු අඩු වීම ,මුදල් වැය නොවීම,වැනි හිතකර තත්ව ඇති වේ.
කාබනික පොහොර වර්හ-
1.කොල පොහොර
2.ගොවිපල පොහොර
3.කොම්පෝස්ට් පොහොර
4.කාබනික දියර
5.ජීව පොහොර
1.කොල පොහොර
අප එදිනෙදා ජීවිතයෙදී ශාක වලට පොහොර ලබාදීමට ලබාගන්නා ශාක පත්‍ර මෙයට අයත් ය.
උදා:-මකුලන , ඉපිල් ඉපිල් , කප්පෙටියා,ගම්සූරිය,වල් සූරියකාන්ත,එරබඩු,සන්හෙම්ප්
මේවා ප්‍රධාන ආකාර 2 කට වගා බිමට එක් කරයි.
1.වගා බිමේ වවා පසට යට කිරීම :-
මේවා පසට යට කරන විට පසට වැඩිම පෝෂණයක් ලබා දෙන අවස්ථාව වන 50% පුෂ්ප පිපෙන අවස්ථාවේදී වගබිම සී සෑම සිදුකර පසට යට කරයි. උදා:- දියසියඹලා , සන්හෙම්ප් , මීට අමතරව කව්පි , මුං ඇට ආදී ඉහල N% ඇති ශාකවල අස්වනු වාර 2 ක් පමන ලබාගෙන පසුව පසට යට කර සී සායි.
2.පිටතින් කපා ගෙන පැමිණ පසට යට කිරීම:-
ගිලිසීඩියා , ඉපිල් ඉපිල් , කැප්පෙටියා වැනි ශාකවල පත්‍ර හා ලපටි කදන් කපාගෙන පැමින පසට යට කරයි.මේ සදහා භාවිතා කල යුත්තේ කාබන් , නයිට්‍රජන,අනුපාතය අඩු ශාකයි.( රනිල , කොම්පොසිටේ කුල )
යෙදිය යුතු අවස්ථාව -
අමු කොල පොහොර ජීරනය සදහා පසෙන් N උරා ගනී.මේ නිසා බිම් සකසන විට මෙම අමු කොල පොහොර පසට එක් කල විට බීජ හෝ පැල හිටවන අවස්ථාව වන විට මේවා දිරාපත් වී ඇත. 2.ගොවිපල පොහොර
මේ සදහා ගොවිපල සතුන්ගේ මලමුත්‍රා , අතුරුණුව , ආහාරයට ගෙන ඉතිරි ත්ෘන , සත්ව ආහාර යොදා ගනී. මේවා මාසයක් පමණ දිරාපත් වීමට ගොඩ ගසා තබයි.ගොවිපල පොහොර වල පෝසක සංයුතිය පහත කරුනු මත රදා පවතී.
1.යොදා ගත් සත්ව විශේෂය
2.සතුන්ගේ වයස
3.සතුන්ට දෙන ආහාර මාර්ගය
4.පොහොර රැස් කර තබන ස්ථානය
සත්ව පොහොර වල වැඩිපුර ශාක පෝෂක ඇත.
කුකුළු කොටුවලින් ලබා ගත හැකි අතුරුණු වර්ග 2කි.
1.බොයිලර් කුකුලන්ගේ අතුරණුව - දින 32-40 වරක් මාරු කරයි.
2.බිත්තර දමන කිකිළියන්ගේ අතුරණු- වසරක් පමන මලපහ , ආහාර කොටස් ,පිහාටු ආදිය එක්වන නිසා බොයිලර් අතුරණුවට වඩා ශාක පෝෂක ඇත.
3.කොම්පෝස්ට් පොහොර
කොම්පෝස්ට් පොහොර යනු කාබනික ද්‍රවය , පාලනය කරන ලද තත්ව යටතේ දී මිනිසාගේ මැදිහත් වීමෙන් ක්ෂුද්‍ර ජීවීන් මගින් අර්ධ ලෙස ජීරණයට ලක් කට ශාක වර්ධනයට අවශ්‍ය පෝෂක හෙවත් කොම්පෝස්ට් බවට පත් කිටීමයි.
*ස්වාභාවිකව කොම්පෝස්ට් නොසෑදේ.කාබනික ද්‍රව්‍ය මත ක්ෂුද්‍ර ජීවීන් ක්‍රියා කරන විට පිටවන වායුන් පිටතට යාමට නොදී ඛනිජීකරනය කල යුතුය.ස්වාභාවිකව කාබනික ද්‍රව්‍ය ජීරනයෙන් හියුමස් සෑදෙන අතර කොම්පෝස්ට් නොසෑදේ.ඒ සදහා මිනිසාගේ මැදිහත් වීම අත්‍යාවශ්‍යය.කොම්පෝස්ට් සෑදීම ක්‍රම 2 කට සිදුකල හැක.
1.ස්වායු කොම්පෝස්ට් සෑදීම
2.නිර්වායු කොම්පෝස්ට් සෑදීම
ස්වායු කොම්පෝස්ට් සෑදීමේ වාසි -
1.ඉක්මනින් වකොම්පෝස්ට් පොහොර සෑදේ.
2.දුර්ගන්ධය අඩුය.
3.කාබනික අම්ල හා එතිලීන් නොසෑදේ.
නිර්වායු තත්ව යටතේ කොම්පෝස්ට් පොහොර සෑදීමේ අවාසි-
1.වැඩි කාලයක් ගත වේ.
2.දුගද වැඩිය.
3.කාබනික අම්ල හා එතිලීන් සෑදේ.
සැකසුම-ආචාරිනී නිල්මිනී ජයසිංහ මිය
ගණිතය 6 ශ්‍රේණිය
06 පාඩම නිමානය හා වැටයීම
නිමානය
එදිනෙදා ජීවිතයේදී සමහර අවස්ථාවලදී ද්‍රව්‍ය සමුහය ගැන අදහස ඒවා මැනීමෙන් හෝ ගණනය කිරීමෙන් තොරව යෝග්‍ය වූ ක්‍රමයකට ආසන්න වශයෙන් කීම නිමානය වේ.
උදා:-පොත් රාක්කයක ඇති පොත් ගණන
බෝතලයක ඇති චොක්ලට් බෝල ගණන
කෙසෙල් කැනක ඇති ගෙඩි ගණන්
නිවසක් සෑදීමට අවශ්‍ය ගඩොල් ගණන
*6.1 අභ්‍යාසය කරන්න.
වැටයීම
සංඛ්‍යා රේඛාව භාවිතා කරමු.
20 ත් 30 ත් අතර සංඛ්‍යා ගෙන බලමු.
21 සංඛ්‍යාව වඩාත් ආසන්න දහයේ ගුණාකාරය -20
22 ....................................................................-20
23.....................................................................-20
24....................................................................-20
25....................................................................-30
26....................................................................-30
27....................................................................-30
28....................................................................-30
29....................................................................-30
වැටයීමේදී සෑම විටම පිළිතුරු සැපයිය යුත්තේ දහයේ ගුණාකාරයක් ලෙසය..
සංඛ්‍යාවක් ආසන්න දගයේ ගුණාකාරයට වැටයීමේදී එම සංඛ්‍යාවේ එකස්ථානයේ ඇති ඉලක්කම
* 5 ට අඩු නම් එම සංඛ්‍යාව එයට පෙර ඇති ආසන්නතම දහයේ ගුණාකාරයක් ලෙස ලියන්න.
*5 හෝ 5 ට වැඩිනම් එම සංඛ්‍යාව එයට පසුව ඇති ආසන්න දහයේ ගුණාකාරයක් ලෙස ලියන්න.
උදා:- 30 ත් 40 ත් අතර සංඛ්‍යා ආසන්න දශමයට වටයන්න.
1)31 ආසන්න දහයේ ගුණාකරයට වැටවූ විට-
32............................................................-
33............................................................-
34............................................................-
35............................................................-
36............................................................-
37............................................................-
38............................................................-
39............................................................-
2)සංඛ්‍යාවක් ආසන්න දහයේ ගුණාකාරයට වැටයූ විට අගය 70 ක් වේ.එම සංඛ්‍යාවට ගත හැකි අගයන් ලියන්න.
3) 6.2 අභ්‍යාසය කරන්න.
සැකසුම-ආචාරිණී සුජීවා අරුණකාන්තී මිය
පිළිතුරු යොමු කල යුතු ආකාරය
නම -
ශ්‍රේණිය -
සමග පිළිතුරු සැපයූ කොලයේ පැහැදිලි පින්තූරයක් අමුනා එවන්න.
ඔබගේ පිළිතුරු පහත number එකට whatsapp or Viber කරන්න.
0769101061
English literature Grade 10
The play " Twilight of a crane" Analysis Worksheet "Twilight of a crane " by Yu Zuwa Junj Kinoshita" ( A play adapted from a japanese folk tale) setting - A rural area , near a lake in japan during winter. Characters - Tsu Yohyo Sodo and Unzu & children -The plot- exposition A woman who is really a ............................., becomes the wife of a ............... man in gratitude and love for ............... her life .They spend an ................... and simple life with ........... She .............. a beautiful piece of cloth called ............... to make him ..... He .... money by it with the help of ............ Conflict The cunning due ............... Yohyo , the husband to make his ................... weave more Senba Ori to earn a big ............... Tsu , understanding the ................ in this plan , attempts to her husband from the company of them. Rising action Yohyo ....................... to make his wife .................... again , fearing that she may become ............. and lose ................... Sodo and Unzu got to the real .................... of Tsu and are .................................to get the cloth ............ again .They further speak of other ................. such as his ............... of visiting................................. .......................................between Tsu and the other merchants to .................. Yohyo to each other ...................................... gets further heightened. Climax Yohyo is won over by Unzu and Sodo Greed wins over .......... and ....................... She makes the last ....................of sacrifice. Resolution Tsu takes on her former ............. and goes back to ........................ Created by miss Nilusha please send your answers to this number ( 076 910 1061) viber or whatsapp include your name and grade in your answer sheet.
English literature
Twiliht of a crane Discuss money as the corrupting agent in the play 'Twilight of a crane' Answer in the plural form *People degenerate due to their greed over money *An envious attitude emerges in sodo and Unzu when they find Tsa and yohyo live happily. "That lazy fellow has been coining money without lifting a finger over" *Sodo and unzu recognize the cloth as "sonboor". *Even Sodo and Unzu are not genuine with each other . *Unzu is scared when he comes to know Tsa is really a ghost of a crone ,as he has cheated yohyo in business. *The desire for money makes the two friend corrupted. *The evil poir entices yohyo and he start vacillating between love and money. *Yohyo is persuaded into threatering her in care if she refuses to weave another piece of cloth and Yohyo undergoes a transformation and is no longer a laving " I'll leave unless you weave the cloth" *Sodo never feels pity and sympathy. *Yohyo feels devastated as Tas leave her forever. *He is left alone with money,but not love. Innocence Vs Corruption innocence is symbolized through the characters of tsu , yohyo , and children Their attitude towards life is simple and they are contented with only spiritual happiness. " I'd like to live with you in this house peacefully and quietly." Their value system differs from that of the mercenary merchants who are symbolis of commercialized life and corruption. The evil couple is extremely callous and hypocritical . " stop you foolish bastard ! we are in the by business of money making" Firm stand for originality and identity Tsu secures her identity and originality by leaving the human world since she cannot cope up with their value system. "You are moving to the world where I can never live , you are casting your lot with those malicious ,terrible people who shot we with an arrow. Created by Miss Nilusha . please send your answers to this number ( 076 910 1061 ) include, your name - Grade - in the answer sheet.
සිංහල භාෂාව හා සාහිත්‍යය 7 ශ්‍රේණිය
-05 පාඩම හා සම්බන්ධ වේ.-
නාම පද වල ලිංග භේදය
යම් නාම පදයකින් පණ ඇති කෙනෙක් සතෙක් හදුන්වන්නේ නම් ඒවා ' ප්‍රාණවාචී ' හෙවත් සචේතන නාම පද සේ සැලකේ.යම් නාම පදයකින් පණ නැති දෙයක් හැදින්වේ නම් ඒවා 'අචේතනික' නාම පද ලෙස සැලකේ.ඒ අනුව ප්‍රාණවාචී නාම පද අතරින් ,
පුරුෂවාචී බවක් හගවන නාම පද පුරුෂ ලිංග නාම පද ලෙසද
ස්ත්‍රීවාචි බවක් හගවන නාම පද ස්ත්‍රී ලිංග නාම පද ලෙසද
අප්‍රාණවාචී බවක් හගවන හෙවත් අචේතන ගණයේ නාම පද නපුංසක ලිංග නාම පද ලෙසද හදුන්වයි.
නාම පද - 1. ප්‍රාණවාචී හෙවත් සචේතනික නාම පද
1. පුරුෂ ලිංග නාම පද - උදා: සේවකයා ,ගුරුවරයා,වෛද්‍යවරයා,ගිරවා
2.ස්ත්‍රී ලිංග නාම පද - උදා:නැගණිය , අම්මා, ගුරුතුමිය , නිවේදිකාව
2.අප්‍රාණවාචී නාම පද හෙවත් අචේතනික නාම පද
1.නපුංසක ලිංග නාම පද - උදා: මේසය , පුටුව , බසය , අඹ
අභ්‍යාස
1)පහත ප්‍රාණවාචී ඒක වචන නාම පද බහු වචනයෙන් ලියන්න.
1.මී මැස්සා
2.ගුරුවරයා
3.ළමයා
4.ගොවියා
5.කාන්තාව
2)පහත සදහන් අප්‍රාණවාචී බහු වචන නාම පද ඒක වචනයට හරවන්න.
1.මේස
2.කූඩු
3.පත්තර
4.වැල්
5.මන්දිර
3)පහත සදහන් නාම පද ඉදිරියෙන් ඒක වචනද බහු වචන ද යන බවත් එම පද අයත් පුරුෂයත් ලියන්න.
1.මම
2.ලිපිකරුවෝ
3.ක්‍රීඩකයා
4.නුඹ
5.අපි
6.ගවයා
7.තෝ
8.රජවරු
9.වැද්දා
10.ඔහු
4)පහත වාක්‍යවල හිස්තැන් සදහා ආඛ්‍යාතයට අදාල උක්ත පද වරහන් තුලින් තෝරා ලියන්න.
1.....................ඊයේ අධ්‍යාපන චාරිකාවක් ගියෙමි.
2......................තරගයට සූදානම් වන්නෙහි.
3...............................පරිසරය පිරිසිදු කරමු.
4.................හෙට පන්සල් යන්නෙහු.
5.......................අහසේ පියාසර කරයි.
6........................සොරුන්ට බිරුවෝය.
7..........................ගම්පෙරලිය නවකතාව රචන කලේය.
8.........................සුලගට කඩා වැදුණේය.
9...........................මිතුරන් හමු වීමට ගියහ.
10......................මල් පූජා කරති.
( බල්ලෝ,මම,උපාසිකාවෝ,අපි,මාර්ටින් වික්‍රමසිංහ මහතා,නුඹ,ඔවුහු,නුඹලා,කුරුල්ලෝ,ගස්)
5)පහත සදහන් උක්ත පදවල අනුක්ත පදය නම් කරන්න.
1.ගිරවුන්
2.ආදිවාසින්
3.ගොවියෝ
4.ඔවුන්
5.පක්ෂීහු
6.දරුවා
7.සිංහයෝ
8.ගූරුවරු
9.අපි
10.හිගන්නා
11.ඔහු
12.ගායිකාව
13.ඇමතිවරුන්
14.මම
15.සිත්තරුන්
සැකසුම-ආචාරිණී ජීවනී සදරේඛා මිය.
පිළිතුරු යොමු කල යුතු ආකාරය
නම -
ශ්‍රේණිය -
සමග පිළිතුරු සැපයූ කොලයේ පැහැදිලි පින්තූරයක් අමුනා එවන්න.
ඔබගේ පිළිතුරු පහත number එකට whatsapp or Viber කරන්න.
0769101061

සිංහල භාෂාව හා සාහිත්‍යය 6 ශ්‍රේණිය
09 පාඩම ක්‍රියා පද හා එහි ප්‍රභේද
ක්‍රියා පද
ක්‍රියා පද යනු කිරීමක් වීමක් හෝ විදීමක් හැදින්වීමට යෙදෙන පද විශේෂයකි.
ක්‍රියා පද වර්ග
1.වචන භේදය -*ඒක වචන
*බහු වචන
2.පුරුෂ භේදය -*උත්තම
*මධ්‍යම
*ප්‍රථම
3.කාල භේදය -*අතීත
*අනතීත
4.ලිංග භේදය-*ස්ත්‍රී
*පුරුෂ
ක්‍රියා පද වල වචන භේදය
ඒක වචන
කිසියම් වාක්‍යක ආඛ්‍යාතය හෙවත් අවසාන ක්‍රියාව ඒක වචනයෙන් ලියයි නම් එය කරන කර්ත්ෘ හෙවත් උක්තයද ඒක වචන විය යුතුයි.
අභ්‍යාසය
සුදුසු ක්‍රියා පදය වරහන් තුලින් තෝරා වාක්‍ය සම්පූර්ණ කරන්න.
1.මම සෙල්ලම් .........................
2.අපි අලුත් ලොවක් .......................
3.නුඹ ගී....................
4.ළමයි පොත් .........................
5.නුඹලා පාසල් ...............
( තනමු , ගනහි , යන්නෙහු , කරමි , බලති )
ක්‍රියා පදවල කාල භේදය
1.අතීත කාල
2.අනතීත කාල - 1. වර්තමාන කාල
2. අනාගත කාල
කාල භේදයට අයත් කාල තුනක් ඇත.එනම්,
*අතීත කාලය
*වර්තමාන කාලය
*අනාගත කාලය
එහෙත් අවසාන ක්‍රියා පදය ගලපා ගැනීමේදී අප අනුගමනය කරනුයේ කාල දෙකක් පමණි.
1.අතීත කාල
උදා:-මම ගෙදර ගියෙමි.
2.වර්තමාන කාල
උදා:-මම ගෙදර යමි.
මෙහිදී ක්‍රියා පදය අනාගත වූයේ අනාගත බවක් හගවන " හෙට " යන පදය වාක්‍යය තුල තිබීම නිසාය.එම නිසා අනාගත කාලය පෙන්වීමට වෙනම ක්‍රියාපද නොමැත.
3.අනාගත කාල
උදා:-මම හෙට ගෙදර යමි.
වර්තමාන + අනාගත = අනතීත
කාල කාල කාල
අභ්‍යාසය
හිස්තැනට සුදුසු අතීත ක්‍රියා පදය යොදන්න.
1.ගොවියෝ කුඹුරු වැඩවල ........................
2.බස් රියදුරෝ නොසැලකිලකිල්ලෙන් බස් ධාවනය ................
3.නිවාඩු කාලයේදී අපි විනෝද ගමනක් ..............................................
4.මම ක්‍රීඩා තරගයට සහභාගි ...................................
5.කම්කරුවෝ තේ පානය සදහා විසිර.............................
අනාගත කාල ක්‍රියා පද යොදා හිස්තැනත් පුරවන්න.
1.කිරි කොක්කු වැව් ඉස්මත්තේ ගස්වල ...................................
2.ඔවුහු සියලු වැඩවලට උපකාර ............................
3.මම සියලු අභ්‍යාස වැඩ ...........................
4.අපි හෙට මගුල් ගෙදර...............................
5.කුරුල්ලෝ පියාසර ..........................
ක්‍රියා පදවල ලිංග භේදය
1. පුරුෂ ලිංග
2.ස්ත්‍රී ලිංග
ප්‍රථම පුරුෂ ඒක වචන උක්තයේ දී පුරුෂ ලිංග වුවත් ස්ත්‍රී ලිංග වුවත් ක්‍රියා පදය එකම ලෙසින් යෙදිය හැකිය.
උදා:-පුරුෂ ලිංග - දරුවා නින්දට යයි. / ගුරුතුමා පන්තියට එයි.
දැරිය නින්දට යයි. / ගුරුතුමී පන්තියට එයි.
එහෙත් ස්ත්‍රී ලිංග උක්තය ප්‍රථම පුරුෂ ඒක වචනයේදී වෙනත් විදියකට ද ලිවිය හැකිය . එහිදී එම ක්‍රියා පදවල ලිංග භේදයක් පෙනේ.
උදා:- මිනිසා නගරයට යන්නේය.
ගැහැනිය නගරයට යන්නේය. - අනතීත-
මිනිසා නගරයට ගියේය.
ගැහැනිය නගරයට ගියාය. - අතීත-
එය අප්‍රානවෑක්ක්චී නම් නම් අවසාන ක්‍රියාව ඒක වචන වේ.
උදා:- මම සෙල්ලම් කරමි.
මල සුලගට වැනෙයි.
අභ්‍යාස
හිස්තැන් පුරවන්න.
1.මිනිසා ගමනක් ....................
2.සුලං හමා ..........................
3..............................පොත් කියවමි.
4.නුඹ ගීයක් ..................................
5.ගස බිමට ...................................
බහු වවන
අවසාන ක්‍රියාව බහු වචන නම් එය කරන කර්ත්ෘ ද බහු වචන වේ.
උදා:-අපි සෙල්ලම් කරන්නෙමු.
ගවයෝ තණකොළ කති.
අභ්‍යාස
1.මිනිසුන් ගමනක් ............................
2.නුඹලා ගීයක් ...................................
3.කාන්තාවෝ පොළට ..........................
4.ගුරැවරු පාඩම් ...........................
5.අපි ගෙදර ................................
ක්‍රියා පදවල පුරුෂ භේදය
යම් වාක්‍යයක අවසාන ක්‍රියාව කරන්නා හදුන්වන කර්ත්ෘ පදයට අදාල පුරුෂයෙක් එම වාක්‍යයේ අවසාන ක්‍රියාව ගැලපිය යුතුය.
මේ අනුව ප්‍රථම පුරුෂ ස්ත්‍රී ලිංග ඒක වචන ක්‍රියාව ආකාර දෙකකට ලිවිය හැකි බව පහැදිලි වේ.
අනතීත - තරුණයා ක්‍රීඩා කරයි./කරන්නේය. ( යි / ඒය )
තරුණිය ක්‍ර්‍රීඩා කරයි / කරන්නීය .(යි / න්නීය)
අතීත - තරුණයා ක්‍රීඩා කලේය. ( ඒය)
තරුණිය ක්‍ර්‍රීඩා කලාය. (ආය)
අභ්‍යාස
1.මිතුරිය පෑනක් තෑගි ...................
2.යුෂ්මතා චෝදනාවට වැරදිකරු ..................
3.නංගි මල් .........................
4.මව දරුවන් පෝෂණය .......................
5.ගුරුතුමා ගීතයක් ....................
9 වන පාඩමේ අභ්‍යාසද සම්පූර්ණ කරන්න.
සැකසුම :- ආචාරිණී නිශාදි කල්පනා මිය
පිළිතුරු යොමු කල යුතු ආකාරය
නම -
ශ්‍රේණිය -
සමග පිළිතුරු සැපයූ කොලයේ පැහැදිලි පින්තූරයක් අමුනා එවන්න.
ඔබගේ පිළිතුරු පහත number එකට whatsapp or Viber කරන්න.
0769101061
භූගෝල විද්‍යාව 12 ශ්‍රේණිය
01)ලෝක සිතියමේ පහත දෑ ලකුණු කරන්න.සම්මත හා නිවැරදි වර්ණ භාවිතා කරන්න.
1.පාමිර් සානුව
2.අමුර් ගංගාව
3.සයිබීරියානු තැන්න
4.කලහාරි කාන්තාරය
5.මධ්‍යධරණි මුහුද
6.කැනරි දූපත්
7.ඇමර්සන් වනාන්තරය
8.රොකී කදු වැටිය
9.කර්කටක නිවර්තනය
10.බාස් සමුද්‍ර සන්දිය
02)1.පද්ධතියක් යන්න හදුන්වන්න.
2.පද්ධතියක ද්‍රව්‍ය හා ශක්ති හුවමාරු වන ආකරය වර්ග කර ඒවා උදාහරණ සහිතව විස්තර කරන්න.
3.ශිලා ගෝලීය පද්ධතියේ සුවිශේෂි ලක්ෂණ රූප සටහනක් ආධාර කර ගනිමින් පැහැදිලි කරන්න.
4.ජෛව ගෝලීය පද්ධතියේ සමතුලිතතාවය බිද වැටීමට හේතුවන මානව ක්‍රියාකරකම් 3 ක් විස්තර කරන්න.
03) 1.ප්ෘථිවි කබොල සමන්විත වන ප්‍රධාන ස්ථර 2ක නම් කරන්න.
2.ප්ෘථිවි ප්‍රාවරණයේ සුවිශේෂි ලක්ෂණ රූප සටහනක් ආධාරයෙන් පහදන්න.
3.ආග්නේය පාෂාණ නිර්මාණය වීමේ ක්‍රයාවලිය රූප සටහනක් අධාරයෙන් පහදන්න.
4.අවසාධිත පාෂාණ නිර්මාණ ක්‍රියාවලිය කෙරෙහි බලපාන නග්නීකරණ කාරක තුනක් විස්තර කරන්න.
සැකසුම - ආචාරිණී මදුරි ගජසිංහ මිය පිළිතුරු යොමු කල යුතු ආකාරය
නම -
ශ්‍රේණිය -
සමග පිළිතුරු සැපයූ කොලයේ පැහැදිලි පින්තූරයක් අමුනා එවන්න.
ඔබගේ පිළිතුරු පහත number එකට whatsapp or Viber කරන්න.
0769101061
සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය 10 / 11 ශ්‍රේණි
06 පාඩම (10 C , 10 D / 11 A , 11 B)
පාපන්දු ක්‍රීඩාව
1.පාපන්දු ක්‍රීඩා කණ්ඩායමක ලියාපදිංචි කල හැකි සංඛ්‍යාව කීයද?
2.එක් වරකට ක්‍රීඩාවේ නිරත වන ක්‍රීඩක සංඛ්‍යාව කීයද?
3.පාපන්දු ක්‍රීඩාවේ දක්ශතා මොනවාද?
4.පන්දුවට පාදයෙන් පහර දිය හැකි ක්‍රම නම් කරන්න.
5.පන්දුව නැවැත්වීමේ ක්‍රම මොනවාද?
6.පාපන්දු ක්‍රීඩාවට සිටිය හැකි අවම ක්‍රීඩකයන් ගණන කීයද?
7.පාපන්දු තරගයක් පැවැත්වීමට භාවිතා කරන කාලය නම් කරන්න.
8.පාපන්දු ක්‍රීඩාවේ සිදුවන බරපතල වැරදි මොනවාද?
9.තරහයක් විනිශ්චය සදහා සහභාගි වන විනිසුරුවන් ගණන කීයද?
10.එම විනිසුරුවන්ගේ කර්‍යයන් වෙන වෙනම ලියන්න.
11.පන්දුව ක්‍රීඩාවේ නොයෙදෙන අවස්ථා මොනවාද?
12.නිදහස් පහරක කොටස් 2ක ලියා දක්වන්න.
13.දඩුවම් පහරේදී සැලකිලිමත් විය යුතු කරුනු මොනවාද?
14.පන්දුවට පහර දීම හා නැවැත්වීම ශරීරයේ විව්ධ කොටස් මගින් ද සිදු කරන අතර එම දක්ශතා ප්‍රගුණ කිරීම සදහා භාවිතා කල හැකි ක්‍රියාකරකම් නම් කරන්න. ( අවශ්‍ය නම් රුප සටහන් ඉදිරිපත් කරන්න.)
15.පාපන්දු ක්‍රීඩාවේ දී භාවිතා කරන විනිසුරු සංඥා කීපයක් දක්වන්න.
සැකසුම :- ආචාරිණී දීපා නාමනී මිය. පිළිතුරු යොමු කල යුතු ආකාරය
නම -
ශ්‍රේණිය -
සමග පිළිතුරු සැපයූ කොලයේ පැහැදිලි පින්තූරයක් අමුනා එවන්න.
ඔබගේ පිළිතුරු පහත number එකට whatsapp or Viber කරන්න.
0769101061
බුද්ධ ධර්මය 11 ශ්‍රේණිය
සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.
01) 1."චිත්තං සංචිත්ති" යන්නෙහි අදහස ලියන්න.
2.නිර්වාන ධර්මයන් දෙකක් ලියන්න.
3.ත්‍රිලක්ෂණ නම් කරන්න.
4.පංච මහා විලෝකන මොනවාද?
5.බුදුධහමේ සදහන් සමාදානය හා විරමනය හදුන්වන්න.
6.සිල් රැකීමෙන් ලැබෙන ආනිසංස 2 ක් ලියන්න.
7.සමථ භාවනාව හදුන්වන වෙනත් නම් 2 ක් ලියන්න.
8.නිවන් ලබා ගැනීමට බෞද්ධයෙකු විසින් අන්ත 2ක මොනවාද?
9."භාවේති කුසල ධම්මේ ආසේවති වඩ්ඩේති ඒකායතාති භාවනා"යන්නෙහි අදහස කුමක්ද?
10.මාර දූවරු 3 නම් කරන්න.
11.බුදුධගමේ ඉගැන්වෙන භාවනාවේ පරමාර්ථය කුමක්ද?
02) 1.දානං සීලංච නෙක්ඛම්ම යන ගාථාව සම්පූර්ණ කරන්න.
2.කායික සීලය හදුන්වන්න.
3.පන්සිල් ආරක්ශා කිරීම නිසා මානව අයිතිවාසිකම් තහවූරු වන අකාරය විස්තර කරන්න.
03)1.පාරමිතා යන්න හදුන්වන්න.
2.පාරමිතා පුරන්නෙකු අනුගමනය කල යුතු කරුණු 5 ක් ලියන්න.
3.දස පාරමිතා අනුව කටයුතු කිරීමෙන් පුද්ගල ජීවිතය සාර්ථක වන අයුරු පහදන්න.
04)1.බෞද්ධ භාවනාවේ ප්‍රබේද 2 නම් කරන්න.
2.ඒවා විස්තර කරන්න.
3.භාවනාවට පිවිසෙන තැනැත්තා අනුගමනය කරන පූර්ව අවස්ථා 5 ලියන්න.
05)1.පහත මර්ත්ෘකා වලට පිලිතුරු ලියන්න.
*දුටුගැමුණු රජතුමා
*සතර බ්‍රහ්ම විහරණ
*අනගාරික ධර්මපාලතුමා
*තාදී ගුණය
*පුරුෂ දම්ම සාරථි ගුණය
සැකසුම :-ආචාරිණී සී . සමරවික්‍රම මිය
පිළිතුරු යොමු කල යුතු ආකාරය
නම -
ශ්‍රේණිය -
සමග පිළිතුරු සැපයූ කොලයේ පැහැදිලි පින්තූරයක් අමුනා එවන්න.
ඔබගේ පිළිතුරු පහත number එකට whatsapp or Viber කරන්න.
0769101061
බෞද්ධ ශිෂ්ඨාචාරය 12 ශ්‍රේණිය
දෙවන වාර පරික්ෂණයට නියමිත ප්‍රශ්න මාලාව
සියලු ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. 1 කොටස
(01 )1.බ්‍රාහ්මණ ඉගැන්වීම් වලට අනුව ක්ෂත්‍රීය වර්ණයට හිමි වු ස්වධර්ම නම් කරන්න.
2.බෞද්ධ නොවන ශ්‍රමණ ගුරු කුල 4 ක් සැකෙවින් දක්වන්න.
3.බුද්ධ කාලීන කෝසල රාජ්‍ය පිළිබද හදුන්වන්න.
4.මක්ඛලී ගෝසාල ශාස්ත්ෘවරයාගේ ඉගැන්වීම් හදුන්වා දෙන්න.
5.සතර සංග්‍රහ වස්තු නම් කරන්න.
(02)1.තාදි ගුණය නිදසුන් 2ක් ඇසුරෙන් පහදන්න.
2.ශාසනික උන්නතිය සදහා අනේපිඩු සිටුතුමාගෙන් සිදු වූ සේවය දක්වන්න.
3.ආශ්‍රම ධර්ම සැකෙවින් හදුන්වන්න.
4.බුදුන් වහන්සේගේ පුරිස දම්ම සාරථී ගුණය හදුන්වන්න.
5.දස අකුසල් පිළිවෙලින් නම් කරන්න.
(03)1.සිවු බඹ විහරණ නම් කරන්න.
2.ආනන්ද තෙරුන් වහන්සේගේ ශාසනික මෙහෙවර හදුන්වන්න.
3.සුගත බුදු ගුමය හදුන්වන්න.
4.මහා ප්‍රජාපතී ගෝතමී චරිතය හදුන්වන්න.
5.බ්‍රාහ්මණ ඉගැන්වීම් අතර ස්වධර්ම සංකල්පය තුළින් ශුද්‍රයාට අහිමි වූ කාර්‍යයන් විස්තර කරන්න. 11 කොටස
(01)1.ස්ව ධර්ම සංකල්පය පිළිබද බ්‍රාහ්මණ මතය විස්තර කරන්න.
2.බමුණනිගේ වර්ණ ධර්ම සංකල්පය බුදුධහමේ ප්‍රතික්ශේප වූ අකාරය පහදන්න.
(02)1.සමූහාණ්ඩු පාලනයක දැකිය හැකි විශේෂ ලක්ෂණ බුද්ධකාලීන දේශපාලන පසුබිම ඇසුරෙන් පහදන්න.
2.බුදුරජාණන් වහන්සේ සමග සම්බන්දතා පැවැත්වූ රාජාණ්ඩු පාලනය ගැන කෙටි විස්තරයක් කරන්න.
(03)1.බ්‍රාහ්මණ ඉගැන්වීම් අනුව වෛශ්‍ය වර්ණයට හිමි වූ කාර්‍යයන් නම් කරන්න.
2.කාන්තාව මවක ,බිරිදක භික්ෂුණියක ලෙස ගෞරවයට ලක් වූ ආකාරය උදාහරණ 2ක් මගින් විස්තර කරන්න.
(04)1.සහජීවනයෙන් යුත් සමාජයක් බිහි කිරීම සදහා සතර සංග්‍රහ වස්තු උපයොගි කරගත හැකි ආකාරය විස්තර කරන්න.
2.ජනතා හිතවාදී පාලනයක් සදහා දසරාජ ධර්මවල උපයෝගීතාව ඇගයීමට ලක් කරන්න.
(05)1.බුද්ධ කාලීන භාරත සමාජයෙහි පුද්ගල සමානත්මතාවය හා ස්වාධීනත්වයට බාධාකාරි වූ අගනා ඉගැන්වීම් මොනවාද?
2.පුද්ගල සමානත්මතාවය හා ස්වාධිපත්‍ය ඇගයීමට ලක් කල බුදු සමයේ විමර්ශනය කරන්න.
සැකසුම:- ආචාරිණී සී. සමරවික්‍රම මිය පිළිතුරු යොමු කල යුතු ආකාරය
නම -
ශ්‍රේණිය -
සමග පිළිතුරු සැපයූ කොලයේ පැහැදිලි පින්තූරයක් අමුනා එවන්න.
ඔබගේ පිළිතුරු පහත number එකට whatsapp or Viber කරන්න.
0769101061










































